අත් රහිත ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයක්

දෙසැම්බර් 19, 2018

මැහුමට ගෙතුමට දක්ෂ කාන්තා ඔබ වෙනුවෙන්ම තරුණී වෙතින් මසකට වරක් තිළිණ කරන සාරි හැට්ටයක සැබෑ පතරොමයි මේ.

ඔබ පපුව අඟල් 37 - 39 සහ ඉණ අඟල් 30 - 32 සහිත කාන්තාවක් නම් මේ හැට්ටය ඔබට කදිමට ගැළපේවි. අත් රහිත ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයක් වන මෙය හරිම පහසුවෙන් මසාගත හැකියි නේද?

පතරොම් තබා රෙදි කපා ගැනීම

එහිදී පළමුව දී ඇති පතරොම් කොටස් මැහුම්වාසි තබා කපා ගන්න. ඉන්පසු එම කොටස් රෙදි මත තබා ඒ මත කාබන් කොළයක් ද තබා අල්පෙනෙති ගසා කපා වීල් කරගන්න.

පසුව කඩඉරිවලින් පෙන්වා දී ඇති ෆේසින් කොටස් රෙදිවලින් කපා වීල් කරගන්න. ඉන්පසු පළමුව කරට සහ කිහිලි කටට ෆේසින් තබා මසා ගන්න. දැන් පිටුපස විවරයට ලූප් තබා ෆේසින් මසා ගන්න. ඉදිරිපස මැද මසාගන්න. ඉදිරිපස හා පිටුපස ප්‍රින්සස් ලයින් රේඛා එකට තබා මසා ගන්න. පසුව ඉදිරිපස සහ පිටුපස ප්‍රින්සස් ලයින් රේඛා එකට තබා මසා ගන්න. දැන් ඉදිරිපස සහ පිටුපස අංශ සහ උරහිස් එකට තබා මසා ඉණේ වාටිය මසා ගන්න.

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් ශිල්පිනී

වෙරෝණිකා කුමාරි

හැඩගැන්වීම - සුමුදු ගයාන් කුරේ

සාරි සහ ආභරණ අනුග්‍රහය

පුරසඳ ටෙක්ස්ටයිල්, ගණේමුල්ල

නිරූපණය - ශ්‍යාමා ජයසිංහ

ඡායා -ශාන් රඹුක්වැල්ල

රූ රටා - සමන් ශ්‍රී කාන්ත

 

2018/12/19 තරුණි පුවත්පත බලන්න