පබළුවලින් විසිතුරු නිර්මාණ පෙළක්

දෙසැම්බර් 19, 2018

ලීකය නිර්මාණය වී ඇත්තේ අපූර්වතම හැඩතල ඇසුරිනි. සොබාදහම විසින් මිනිසා සහ ගැහැනිය නිර්මාණය කළා සේම ඔවුන් ද විවිධ හැඩතල නිර්මාණය කරමින් විශ්වය ලස්සන කරයි.

මෙලෙස හඳුන්වා දෙන්නේ ද ලෝකය ලස්සන කරන දිරියෙන් ජීවිතය දිනූ උත්සාහවන්ත යුවළකි. ඔවුන් අනෙකුත් මිනිසුන්ගේ ජීවිත ද ලස්සන කරයි.

බැලූ බැලූ අත නෙතු දැහැන්ගත කරන විස්මය රැඳි එකිනෙකට වෙනස් නිර්මාණය. ඒ අතරින් නේක වර්ණ පබළු රටාවන් දීප්තිමත් වර්ණ විහිදුවමින් පරිසරය ආලෝකවත් කරයි. මේ සුන්දර රටා සොබාදහමේ අපූර්වත්වය සමඟ ගළපමින් මේ ආදරණීය යුවළ ජීවිතය සොයයි.

මල් බඳුන්, බෑග්, කී ටැග්, ටේබල් මැට්, විදුලි පහන් ආවරණ හෙවත් ලෑම්ප් ෂෙඩ්, වෙසක් කූඩු, නත්තල් සැරසිලි, නිවෙස හැඩකරන අලංකාර හැඟර්, සුරතල් සතුන්, බෝනික්කන් ආදී එකිනෙකට වෙනස් හැඩතල පබළුවලින් ජීවය ලබා ඇති අයුරු විස්මය ජනකය. මෙලෙස නිර්මාණකරණයේ නියැළෙන ජාඇල, නිවන්දම, ගල්කණුව පාරේ පදිංචි ඇය ගීතිකා මධුමාලි. ඔහු සමීර මධුමාල්. අපි ඔවුන්ගේ දිරිය කතාවට සවන් දෙමු. පළමුව හඬ අවදි කළේ ගීතිකා.

“අපි දෙන්නම උසස් පෙළට කළේ විද්‍යා විෂයයන්. ඊට පස්සේ ජීවිතය දිනන්න මොනවාම හරි කළ යුතු වුණා. මම පුංචි කාලෙ ඉඳලා අත්කම් නිර්මාණ කරන්න කැමැතියි. ඒ හින්දා අත්කම්, මැහුම්, ගෙතුම් කරන්න ඉගෙන ගත්තා. සමීරත් මේ දේවල් ඉගෙන ගත්තා. අපි පබළු එම්බ්‍රොයිඩරි කලාව වගේම පබළුවලින් ආභරණ සකසන ආකාරයත් ඉගෙන ගත්තා.

ඊට පස්සේ අපි විවිධ අත්කම් නිර්මාණය කළා. ඒ අතර අපට ඕනෙ වුණා කවුරුත් නොකරන වෙනස්ම අත්කම් නිර්මාණය කරන්න. ඒ සඳහා අපි විවිධ දේ අත්හදා බැලුවා. එලෙස අත්හදා බලන අතරතුරයි පබළුවලින් කරන මේ අලංකාර නිර්මාණ අපි අතින් බිහිවෙන්නේ. ඇත්තමටම මේ නිර්මාණවල ඇති අලංකාරය නිසා අපිට හොඳ ප්‍රතිචාරයකුත් ලැබුණා. අද අපි දෙන්නා මේ කලාව උගන්වන ගුරුවරු. අපිට ඕනේ මේ කලාව අපේ රටේ ප්‍රචලිත කරන්නයි.”

දැන් අපි සමීරට කන් දෙමු.

“මෙම නිර්මාණ බොහොම සරල න්‍යායක් මත පදනම්වෙලයි නිර්මාණය කරන්නේ. වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන කරන නිර්මාණ පබළුවලින් කරන්න පුළුවන් ද කියන දේ අත්හදා බැලුවා. 

 

2018/12/19 තරුණි පුවත්පත බලන්න