වීදුරු බෝතලයට හැඩැති රටා

දෙසැම්බර් 26, 2018

ඉවතලන බෝතලයකට කළ හැඩැති පබළු රටාවක්. බලන්න මෙවැනි නිර්මාණයක් තිළිණයක් විදිහට ලබාදෙන්න හරිම අපූරුයි නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

ඉවතලන වීදුරු බෝතල්

ගෝල්ඩ්, නිල්, කහ, සුදු පබළු

යුහු ගම්

ෆෝම් ෂීට්ස්

ඩයිකට්ස්

ෂේඩඩ් වූල් හෝ නූල් වර්ගයක්

අඟලක් පළල ගෝල්ඩ් රිබන්

 

නිර්මාණය කිරීම

අප පළමුව නිල් පැහැති බෝතලය නිර්මාණය කරගනිමු. පළමුව බෝතලය පිරිසුදු කරගන්න.

ඉන්පසු ඡායාරූපයක් ගෙන එය ඔබට කැමැති තැනක තබා අලවාගන්න.

දැන් බෝතලයේ උඩ සිට යට දක්වා නිල් පබළු පේළි තුනකට එක් කහ පබළු පේළියක් එන ලෙස බෝතලේ වැසෙන පරිදි අලවාගන්න.

දැන් ෆෝම් ෂීට්ස්වලින් ඩයිකට්වලින් කපාගත් මල් ටිකක් ගෙන ඡායාරූපයේ දැක්වෙන පරිදි යුහු ගම් ආධාරයෙන් අලවා ගන්න.

 

2018/12/26 තරුණි පුවත්පත බලන්න