කුකුළු යාළුවෝ ගෙනෙන හැඩ

ජනවාරි 2, 2019

කුකුළා උදේ පාන්දර අවදි වෙලා මුළු ලෝකයම අවදි කරන්නට මිහිරි හඬින් අමතනවා.

මේ ආදරණීය ඇමතුමට අපේ මුතුන් මිත්තෝ බොහොම ප්‍රිය කළා. අද අප අතරින් ඒ හඬ ඈතට ඈතට ගියත් මේ යාළුවා ගේ රුව එම්බ්‍රොයිඩරි රටාවකින් සිත්තමක් තරමටම අලංකාර ලෙස මසාගන්න පුළුවනි. පොඩිත්තන්ගේ ඇඳුම්, ටවල්, බෑග්, බිත්ති සැරසිලි ආදී ඔවුන්ගේ විවිධ ආයිත්තම් මෙමඟින් හැඩකර ගන්න හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

තුඩ සිහින් ඉඳිකටු

රාමුව

මල්පීස්, අමු රෙදි, පොප්ලින්, ලිනන් හෝ වෙනත් සුදුසු රෙදි වර්ගයක්

විවිධ වර්ණ කපු කැරැලි නූල්

කතුරු සහ අවශ්‍ය අනෙකුත් දේවල්

2019/01/02 තරුණි පුවත්පත බලන්න.