සුරංගනා ලොවෙන් ආපු පුංචි යාළුවෝ...

ජනවාරි 9, 2019

පුංචි පැංචන්, පැංචියන්ගේ ළමා ලෝකය හරිම සුන්දරයි. සාර්ථක, නිරවුල් මනසකින් යුතු, සමාජයට වෛර නොකරන, මිනිස් වර්ගයාට ආදරය කරන වැඩිහිටියන් බිහි වන්නේ සුන්දර ළමා කාලයක් ගෙවන දරුවන්ගෙනි.

ඒ නිසා සුරංගනා කතාවල ඇති, පුංචි හිත්වලට සමීප බෝනික්කන් ඔවුන්ගේ ඒ සුන්දර ලෝකය තවත් හැඩ කරාවි.

ප්ලාස්ටික්, පොලිතීන්, නොදිරන ද්‍රව්‍යවලින් සකසා ඇති සෙල්ලම් බඩු වෙනුවට ලස්සන රෙදි බෝනික්කන් දරුවාගේ සිතට, ගතට මෙන්ම පරිසරයට ද හිතකරයි. ප්‍රසන්න පෙනුමකින් යුතු මේ බෝනික්කන් පුංචි දරුවකුට තෑගි කරන්නට කදිමයි.

රෙදි බෝනික්කන් ඔබ කොතෙකුත් දැක ඇතත් මේ බෝනික්කන් ඉදිරිපත්කර ඇති ආකාරය ඉතා මනබඳනා සුළු බව ඔබට පෙනේවි. එක් බෝනික්කකු වෙනුවට බෝනික්කන් කිහිපදෙනකු එකතුකර යම් කිසි සිද්ධියක් නිරූපණය කිරීමට, ස්ථානයක් සැකසීමට හැකි නම් එය නිවෙසට වුවත් වෙනස් පෙනුමක් ගෙන දෙන්නට සමත් වේවි.

කුඩා දිය කිඳුරියන්, හා පවුල, එළු පවුල, කුඩා දැරියන් ආකාරයට සකසා ඇති මේ පුංචි බෝනික්කන් තවත් හැඩ වී ඇත්තේ ඒ සඳහා යොදාගත් වර්ණවලිනි. ඔවුනගේ ඇඳුම් ආයිත්තම් ද වර්ණ ගැළපීම් හා සුන්දර ගවුම් මෝස්තර ආදියෙන් වඩාත් . . .

2019/01/09 තරුණි බලන්න