ස්ට්‍රෝබෙරි ගෙඩියක හැඩ

ජනවාරි 30, 2019

රසැති පලතුරක්වන ස්ට්‍රෝබෙරි කන්න නම් කවුරුත් කැමැතියි. මෙහි හැඩය දැකුම්කලු නිසා අපිට විවිධ නිර්මාණ කිරීමේ දී එහි අනුරුව භාවිත කරන්න පුළුවන්. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩියේ අනුරුවට අනුව කළ කී ටැග් එකකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

නොම්බර 8 හෝ 10 රවුම් ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබළු

නොම්බර 0.55 තංගුස්

 

නිර්මාණය කිරීම

අංක 1 රූපයේ පරිදි යාරයක් පමණ දිග තංගුස් පොටක් ගෙන පබළු 4 ක් දමාගන්න. ඉන්පසු අංක 2 රූපයේ පරිදි පබළු 4න් එක් පබළුවක් ක්‍රොස් කරගන්න. නැවත එක් තංගුස් කෙළවරකට එක් පබළුවක් දමන්න.

ඉන්පසු අංක 3 රූපයේ පෙන්වා දෙන ලෙස දමා ගත් පබළුව කලින් ක්‍රොස්කර ගත් පබළු හතරෙහි හරි මැදින් සිටින සේ රඳවා ගැනීමට තංගුස් පොට පබළු 2 ක් හරහා යවමින් පෙර තංගුස් පොට තිබූ පබළුවටම තංගුස් පොට දමාගන්න. ඉන්පසු පෙර සාදාගත් පබළු හතර වටා පබළු පහේ රවුම් සාදාගත යුතු බැවින් අංක 4 රූපයේ පරිදි එක් තංගුස් පොටකට පබළු 4 ක් දමා අංක 5 රූපයේ පරිදි ක්‍රොස්කර ගන්න.

 

 

2019/01/30 තරුණි බලන්න