පූස් පවුල ගෙනෙන සුරතල්

පෙබරවාරි 20, 2019

පූසා ගෙදරක සුරතලයට ඇතිකරන්න කැමැති අය බොහොමයි. ඒත් සමහරු නම් ඒ සඳහා කැමැති නැහැ. ඒ අපි එකිනෙකා හුරුවී ඇති ක්‍රමයයි.

ඒ කෙසේ වෙතත් දූ දරුවන්ට සුරතල් සතුන් සැහැල්ලු සෙල්ලම් බඩු ලෙස දෙන නිසා පූස් යාළුවකුටත් ඒ අතර ඉඩක් දෙන්න පුුළුවන් නේද? හැබැයි ඉතිං මේ පූස් යාළුවන්ගේ හැඩය නම් ටිකක් වෙනස්. වලිගත් නෑ. ඒ නිසා පහසුවෙන් නිර්මාණය කරගන්නටත් හැකියි. අම්මා පූසා, තාත්තා පූසා සමඟ ළමා පූසා නිර්මාණයකර ඔබේ දරුවාටත් මේ පූස් පවුල තිළිණ කරන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

වර්ණවත් මුද්‍රිත හෝ තනි පැහැති රෙදි

පැඩිං

ගැළපෙන වර්ණ නූල්

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

ප්ලාස්ටික් ඇස් (වෙළෙඳපොළෙන්

මිලදී ගන්න)

රෙදි ඇලවෙන ගම්

 

2019/02/20 තරුණි බලන්න.