පෑන් පැන්සල් දමන්න වෝල් හැන්ගර් එකක්

මාර්තු 6, 2019

පොඩිත්තන්ගෙ කාමරය වගේම ඔබේ මුළුතැන්ගෙය සරසන්නත් කදිම වෝල් හැඟරයක් මේ.

පෑන්, පැන්සල්, ලිපි ද්‍රව්‍ය එකම තැනක තියාගන්න මෙය ඔබටත් ප්‍රයෝජනවත් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 23 ක් දිග අඟල් 18 ක්

පළල අමු රෙදි

කොටස් දෙකක්

මුද්‍රිත රෙදි කැබලි කීපයක්

පියන් සඳහා තවත් අමු

රෙදි කොටසක්

රේන්ද මීටරයක්

අඟල් 23ය18

ප්‍රමාණයේ පැඩිං කොටසක්

නිර්මාණය කිරීම

පළමුවෙන්ම අඟල් 23 ක් දිග අමු රෙදි කොටස ගෙන එහි අඟලක පමණ කොටු ඇඳගන්න. මේ සඳහා අඩිරූලක් භාවිත කළ හැකිය. ඉන්පසු එහි යටින් පැඩිං සහ අනෙක් අමු රෙදි කොටස තබා කුවිල්ට් කරගන්න.

දැන් කුවිල්ට් කරගත් රෙදි කොටසේ උඩ සිට අඟල් 5 ක් පමණ පහළින් මුද්‍රිත රෙදි මඟින් කපාගත් පයිපිං පටියක් අල්ලන්න. එතැන් සිට තවත් අඟල් 5 ක් පහතින් තවත් පයිපිං පටියක් අල්ලන්න. දැන් අමුරෙදි මඟින් අඟල් 18 ක් පළල අඟල් 7 ක් පමණ පළලට රෙදි කොටසක් කපා එයට පැඩිං සහ ලයිනිං තබා කුවිල්ට් කරගන්න. පසුව එම කොටසට මුද්‍රිත රෙදි මඟින් කපාගත් කුරුල්ලකු ඇප්ලික් කරගන්න.

තරුණි 2019/03/06 බලන්න.