කඩදාසියෙන් මැවෙන අරුමැසි රෝස මල්

අගෝස්තු 12, 2020

මල් ලෝකයේ අලංකාරම කුසුම රෝස කුමරියයි. සොබාදහමේ විස්මිත නිර්මාණයක් වන රෝස කුසුමට කඩදාසිවලින් ජීවය ලැබී ඇති අපූර්වත්වයයි ඔබ මේ දකින්නේ.

නේක වර්ණයෙන් පිපෙන රෝස කැකුළු ද නෙක නම්වලින් හැඳුනුම් ලබයි. මෙලෙස නම් ලද රෝස කුමරියන් විවිධ වර්ණ, විවිධ කඩදාසිවලින් මනරම් ලෙසින් සැකසිය හැකියි. මේ තිබෙන්නේ ළා තැඹිලි පැහැයක් ගන්නා ක්‍රේප් කඩදාසියෙන් නිර්මාණය කළ රෝස මල් පොකුරකි.

මේ සඳහා ඔබට කැමැති වර්ණයක් භාවිත කළ හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා තැඹිලි සහ පාසි කොළ පැහැති

ක්‍රේප් කඩදාසි

ගෙජ් 18 හා 24 කම්බි

ළා කොළ පාට ගම් ටේප්

(ෆ්ලෝරල් ටේප්)

වයර් කටර් එක

ලෝ ටෙම්ප් හොට් ග්ලූ ගන් (Low Temp Hot glue gun)

පතරොම් සැකසීමට අවශ්‍ය දේවල්

කුඩා සෘජිෆෝම් බෝලයක්

නිර්මාණය කිරීම

පළමුව අවශ්‍ය දේවල් ළංකරගන්න. අප අවශ්‍ය කොටස් සඳහා පතරොම් ලබා දී ඇත. ඒවායේ ප්‍රමාණය ඔබට අවශ්‍ය ලෙස විශාලකර ගත හැකියි. දැන් එම දළ සටහන් භාවිත කරගෙන පතරොම් සකසා ගන්න. සම්පූර්ණ එක් මලක් සඳහා පෙති හැඩ හතරකින් කපාගත යුතුයි. රෝස් පෙටල් අංක 1 හෙවත් කුඩාම පෙත්තෙන් පෙති හයයි, ඊළඟට ලොකු පෙත්තෙන් පෙති පහයි, ඊට වඩා විශාල පෙත්තෙන් පෙති පහයි, ලොකුම පෙත්තෙන් පෙති පහයි ලෙස කපාගත යුතුයි.

එම පෙති පතරොම උඩ අවශ්‍ය පෙති ප්‍රමාණය දක්වා ඇත. කොළ පැහැයෙන් කොළයක් සඳහා කොටස් 2 ක් ද මනිපත්‍ර සඳහා කොටස් 6 ක් ද කපාගත යුතුයි.

 

 

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න