රිබන් රැලි කිරීමෙන් ලස්සන මල්

සැප්තැම්බර් 16, 2020

ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය කියන රිබන් එම්බ්‍රොයිඩරි පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබා දෙන අතිරේක පෙළේ තවත් කොටසකි මේ. අද අපි රැලි කිරීමෙන් තවත් මල් කිහිපයක් සකසන ආකාරය බලමු.

 

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ශිරන්ති පෙරේරා

 

පැන්සි මලක හැඩ

වර්ණ කිහිපයක් මිශ්‍ර වූ පැන්සි මල තවත් අලංකාර මලකි. එම මල ද රිබන් රැලි කිරීමේ ක්‍රමයෙන් අපූර්ව ලෙස මසාගත හැකියි. පැන්සි මල සඳහා රිබන් කොටස් දෙකක් අවශ්‍ය වේ.

මෙහි ගෙන ඇත්තේ එකම වර්ණයෙන් වුවද ඔබට ඒ සඳහා වර්ණ දෙකක් භාවිත කළ හැකියි. එමෙන්ම මෙම රිබන් කොටස් දෙක ප්‍රමාණ දෙකකින් යුක්තයි. එහි උඩට එන කොටසට සෙන්ටිමීටර් 12 ක පමණ රිබන් කොටසක් ද පහළට එන කොටසට සෙන්ටිමීටර් 15 ක පමණ රිබන් කොටසක් ද කපාගන්න. එම රිබන් කොටස් දෙපසින් සෙන්ටිමීටරය බැගින් ඉඩ තබාගන්න. අංක 1 රූපයේ දැක්වෙන දළ සටහන අනුව එම රිබන් කොටස් දෙක රැලි කරගන්න. උඩින් දැක්වෙන්නේ කුඩා කොටසයි. පහළින් එන කොටස රූපයේ පහළින් දැක්වේ.

 

 

2020/09/16 තරුණි බලන්න