සුන්දර ඇරැයුම් පතක්

නොවැම්බර් 11, 2020

ආරාධනා පතක් නිර්මාණය කරද්දී එය සරලව නමුත් අලංකාර ලෙස නිමවා ගන්නයි වැඩි දෙනාගේ කැමැත්ත. විශේෂයෙන්ම මංගල ආරාධනා පතක් නම් එහි අලංකාරය විශේෂිතයි. මෙහි දැක්වෙන්නේ එලෙස සරලව, අලංකාරයෙන් අනූන ලෙස නිමවා ඇති ඇරැයුම් පතකි. මෙය මංගල ආරාධනා පතකට වේවා වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකට ගළපා ගැනීමට හැකියි. අපි බලමු එය පර්ගමානෝ කලාවෙන් කෙලෙස ද නිර්මාණය කරන්නේ කියා.

අවශ්‍ය ද්‍රවය‍

GSM  160 බ්‍රේසිං කඩදාසි

සුදු ජෙල් පෑනක්

ෆෝ නීඩ්ල් (Four Needle) ටූල් එක

මිලිමීටර් 3.5 එම්බෝස් ටූල් එක

එම්බෝස් පෑඩ් එකක්

පර්ෆෝමිං පෑඩ් එක

පර්ගමානෝ කතුර

ඔයිල් පැස්ටල්

බේබි ඔයිල් (Baby Oil)

නිර්මාණය කිරීම

දැන් අපි නිර්මාණය සිදුකර ගන්නා ආකාරය බලමු. පළමුව රූපයේ දක්වා ඇති ආකාරයට සුදු ජෙල් පෑන ආධාරයෙන් මෝස්තරය බ්‍රේසිං කඩදාසිය මත ඇඳ ගන්න.

ඉන්පසු මෙම මෝස්තරය කණපිට හරවා ළා නිල් පැහැති ඔයිල් පැස්ටල් ගල්වා බේබි ඔයිල්වලින් පිසදා ගන්න.

එවිට ඔබේ බ්‍රේසිං කොළය ළා නිල් පැහැයක් ගනී. ඉන්පසු ස්ටයිලිෂ් ටූල් එක අධාරයෙන් එම්බෝස් පෑඩ් එක මත තබා මෝස්තරය කණ පිටින් ඇඳගන්න.

මහතට ඇති තීරු මිලිමීටර් 3.5 එම්බෝසිං ටූල් එකෙන් ටූල් කර ගන්න. එවිට කඩදාසිය සුදු පැහැ ගැන්වේ. හාට් එකේ ඇති මල් ද ඒ අනුව ටූල්කර ගන්න.

ඉන්පසු අනෙක් පැත්තේ ඇති රවුම් කොටස් එම්බෝසිං ටූල් එකෙන් එම්බෝස් කර ගන්න.

කතිර ඇති තැන් ද ෆෝ නීඩ්ල් එකෙන් සිදුරු කර පර්ගමානෝ කතුරෙන් එක්ස් හැඩයට කපා ගන්න.

මෝස්තරයේ වටේ ද ෆෝ නීඩ්ල් එක ආධාරයෙන් සිදුරු කර ගන්න.

උපදෙස් - පර්ගමානෝ කලාව සම්බන්ධයෙන් ලංකාවේ බලයලත් ශිල්පිනී

පූර්ණා කුලරත්න