සොඳුරු හයිඩ්‍රෙන්ජියා මල් පොකුරක අරුමය

නොවැම්බර් 11, 2020

සොබාදමේ වර්ණ සංකලනයෙන් සුසැදි තවත් එක් මනරම් කුසුමක් වන්නේ හයිඩ්‍රෙන්ජියායි. පොකුරු වශයෙන් පිපෙන මේවා නිල් හා රෝස වර්ණ දෙකෙන් දැකගත හැකියි.

එක් මල් පොකුරක් පිපුණු විට අපට වර්ණ වෙනස් වෙමින් සිත්තම් මවන අයුරු දැගත හැකියි. එය කොළ, දම් හා සුදු ආදී වර්ණ පරාසයන් අතර පිපී පරවී යනු ඔබට දැගත හැකි වේවි. ඉතින් අපි මේ කුසුම් පොකුරක් අයිසිං මල් කලාවෙන් මෙලෙස හැඩකර ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ඩස්ටිං පවුඩර්

කටර් සහ ටූල්

ගේජ් 30 කම්බි

ගම් ටේප්

නිර්මාණය කිරීම

පළමුව මීට පෙර මල් සාදාගත් ආකාරයට කුඩා අයිසිං බෝලයක් සාදා ගන්න. පසුව ගේජ් 30 කම්බි කොටසක් ගෙන කොක්කක් ආකාරයට නමා එයට අයිසිං බෝලය සම්බන්ධකර අතින් පොහොට්ටුවක හැඩයට සාදා ගන්න. පළමුවැනි ඡායාරූපයේ දැක්වෙන්නේ එසේ පොහොට්ටුවක් ආකාරයට සාදාගත් කොටසයි. දැන් දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට එසේ සාදාගත් පොහොට්ටුවේ මැද ප්ලාස්ටික් පිහිය සහිත ටූලයෙන් කතිරයක හැඩයට සාදා වේළාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

 

 

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න