මුල් පිටුව

නොවැම්බර් 18, 2020

කවරය සරසන පූජා

මෙවර තරුණී කවරය හැඩවන්නේ ඔබ කවුරුත් හොඳීන් දන්නා රංගන ශිල්පිනියකගේ රුවෙනි. ඇය පූජා උමාශංකර්.

ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇය කලාවට පිවිසෙන්නේ ඉන්දියාවේ දී නිරූපණ ක්ෂේත්‍රයට එක්වෙමිනි. දෙමළ, තෙලිඟු, සහ මලයාලම් සිනමාව හරහා සිය රංගන දිවිය ඇරැඹි පූජා, ඉන්දියාවේ බොහෝ සිනමා නිර්මාණවලට තම දායකත්වය ලබා දුනි. එහිදී ඇගේ රංගන හැකියාවට දක්ෂිණ ෆිල්ම්ෆෙයා සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මානයන්ගෙන් ද පිදුම් ලැබීය. ඇය සිංහල සිනමාවට පිවිසෙන්නේ 2006 වසරේදී චන්න පෙරේරාගේ සිනමා අධ්‍යක්ෂණයක් වන අංජලීකා සිනමා පටය හරහායි. එය සිංහල සිනමාවේ ඇගේ හැරවුම් ලක්ෂ්‍යයයි. සිංහල සිනමාවේ තිරගත වූ ඇගේ ප්‍රථම සිනමා නිර්මාණයෙන්ම ඇය ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්තාය. ඉන්පසු ආසයි මං පියාඹන්න, සුවඳ දැණුනා ජීවිතේ, කුස පබා, පත්තිනි සහ සරිගම වැනි සිනමා නිර්මාණ කිහිපයකම පූජාගේ රංගන දායකත්ව ලැබිණි. දස්කොන් ටෙලි නාට්‍යයේ ප්‍රමිලා බිසවගේ චරිතය හරහා ඇය පුංචි තිරයේත් ජනප්‍රියත්වයක් ලබා ගත්තාය.

ඉදිරියෛ්දීත් එවැනි සිනමා නිර්මාණ කිහිපයකට තම රංගන දායකත්වය ලබා දීමට ඇය බලාපොරොත්තුවෙන් සිටියි.

 

සටහන - විදුමිණි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.