දඟකාර ළඳුන්ට හැඩ ගෙනෙන ගවුමක්

ජනවාරි 1, 2020

කෙටි කැප් අත් සහ කොටු කර, කෙටි ගවුමට ගෙනන ලස්සන බලන්න. හැඩට අඳින්න කැමැති ඔබට මෙවැනි විලාසිතාවක් ගෙන දෙන්නේ දඟකාර පෙනුමකි. මෙහි කඳ කොටස පි‍්‍රන්සස් ලයින් ක්‍රමයට නිර්මාණය කර ඇත. ඒ නිසාම සිරුරේ හැඩය මැනවින් විදහා දක්වයි.

ඔබේ සමට ගැළපෙන මුද්‍රිත රෙදි වර්ගයක් භාවිතකර මේ ලස්සන ගවුම මසාගන්න පුළුවන්. මෙන්න ඒ සඳහා අවස්ථාව.

මේ සඳහා 60 පළල රෙදි මීටර් 1¼ ක් පමණ අවශ්‍ය වනවා.

 

ඔබට වඩාත් පැහැදිලි වීම සඳහා ආදර්ශ මිමි සමඟ අවශ්‍ය වන මිමි සටහනක් පහත දක්වා ඇත. මෙම සියලු මිමි අඟල්වලින් දැක් වේ.

 

* පපුවට මිම්ම 30 රැ 4 + 1 = 8½

* උරහිස් දිග 14 රැ 2 - 1 = 6

* උරහිස සිට ඉණ දක්වා උස = 15 + 1 = 16

* කිහිලි වට මිම්ම 14 රැ 2 = 7

* උරහිස සිට පපුව දක්වා උස = 9½

* ඩාට් අතර පරතරය = 7 රැ 2 = 3½

* සායේ උස 21 + 2 = 23

 

පි‍්‍රන්සස් ලයින් යොදා ඇති හෙයින් කොළයක ඇඳ කපා ගැනීම ඔබට වඩාත් පහසු වේ.

දී ඇති රූපසටහන බලා ඇඳුමේ උඩ කොටස ඇඳගන්න.

 

උපදෙස් - ප්‍රවීණ මැහුම් උපදේශිකා

එන්. සොමිරත්න