ඩේසි මල් මැද හිනැහෙන කහ රෝස මල්

මැයි 13, 2020

විවිධ වර්ණයෙන් පිපී හිනැහෙන ෙඩිසි මල් පරිසරයම සොඳුරු කරයි. ඒ අතරට එක්වුණු කහ රෝස මල්. බලන්න, ගෙනෙන ලස්සන.

මෙම සොඳුරු මල් කුමරියන් ගේ හැඩකාර පෙනුම මතුකරගත් අගනා මල් පොකුරකි. කහ රෝස කුසුමක ආකර්ෂණය කියන මේ නිර්මාණය ඔබටත් පහසුවෙන් නිර්මාණය කරගත හැකි වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

ලිනන් රෙදි

අඟල පළල ළා කහ වර්ණ රිබන්

තැඹිලි සහ පාසි කොළ වර්ණ

බේබි රිබන්

කහ වර්ණ කැරැලි නූල්

කොළ පාට අඟල පළල, අඟල් 1/2

පළල සහ මිලිමීටර් 2 පළල

රිබන්

රාමුව, ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු, කතුර

රෙදි පින්තාරු තීන්ත හා පින්සල්

 

නිර්මාණය කිරීම

පළමුව මෙම නිර්මාණයේ දළ සටහනක් ලිනන් රෙදි කොටස මතට පිටපත් කරගන්න. එම පසුබිම, රෙදි පින්තාරු තීන්ත භාවිතකර වර්ණ ගන්වා ගන්න. එය වියැළුණු පසුව රාමුවට දමා තදකර මැසීම අරඹන්න. ලොකු රෝස මලේ මැදට ෆෝල්ඩඩ් රෝස මලක් සාදා අල්ලාගන්න. ඒ මත තැඹිලි වර්ණ ආලේප කරන්න. වටේ ඇති පෙතිවල යටම පෙති කෙළින් මැස්මෙන් බුරුලට මසාගන්න. ඊළඟට ඇති පෙති ලූප් මැස්මෙන් හා රිබන් එක තරමක් අඹරවා කෙළින් මැස්ම හරහට මසාගන්න. පොහොට්ටුවේ පෙති රිබන් මැස්මෙන් මසාගන්න. එම පොහොට්ටුවේ දෙපස පෙති දෙක ඇඹරුණු කෙළින් මැස්මෙන් බුරුලට මසන්න. රෝස පොහොට්ටුවේ පෙතිවල තද කහ පැහැය ආලේප කරන්න. ලොකු මල මත තැඹිලි පැහැය යාන්තමට ගාගන්න. තැඹිලි පාට ෙඩිසි මල් බේබි රිබන් භාවිතකර කෙළින් මැස්මෙන් මසාගන්න. එම පෙති ද බුරුලට මසාගැනීමට සැලකිලිමත් වෙන්න. එම ඩේසි මල් මැදට කහ පාට කැරැලි නූල්වලින් ප‍‍්‍රංශ ගැට මසාගන්න. නටු, මිලිමීටර් දෙක පළළ කොළ පාට රිබන් ගෙන අඹරවා මසාගන්න. සියලු ප‍‍්‍රමාණවල රිබන් භාවිතකර මල් පොකුරේ කොළ, රිබන් මැස්මෙන් මසාගන්න. පොහොට්ටු කෙළින් මැස්මෙන් මසා මනිපත‍‍්‍ර ද කෙළින් මැස්මෙන් මසාගන්න. මල් ඉත්තේ යටට දුඹුරු පාට මිලිමීටර් 2 රිබන් අඹරවා ඇඹරුණු කෙළින් මැස්මෙන් නටු ලෙස පෙනෙන්නට මසන්න.

මෙම මෝස්තරය බෑග් එකකට, කුෂන් කවරයකට මෙන්ම බිත්ති සැරසිල්ලකටත් කදිමයි.

 

උපදෙස් ප‍‍්‍රවීණ උදේශිකා

ශිරන්ති පෙරේරා