ශ්‍රී ලාංකේය පිත්තල කලාවට යළි පණපොවන SLT දින දර්ශනය

පෙබරවාරි 17, 2021

 

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආඩම්බර විය හැකි ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය වර්ණවත් කරන්නේ ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි වන ලෙස අපේ පැරැණ්නෝ නියැලී සිටි පෞරාණික කර්මාන්තයි.

මේ අතරින් 17, 18 සහ 19 ශත වර්ෂවල නැතිනම් මහනුවර යුගයේදී ප්‍රචලිතව පැවැති පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය සුවිශේෂී කොට දැක්විය හැකිය. පිත්තල කර්මාන්තයේ නියැලුණු මිනිසුන් තම නිර්මාණශීලිත්වය මුසුකොට කළ නිර්මාණ සැබැවින්ම විස්මයජනකය. දුටුවන් නෙත් මවිත කරවන මේ පිත්තල භාණ්ඩ එකතුවක් අපේ ජාතික කෞතුකාගාරයේ ‘මානව වංශ විද්‍යා’ අංශය සතුව පවතී.

SLT ආයතනය වසරක් පාසා මහජනතාව වෙත ලබාදෙන ඉඹ්ඊ දින දර්ශනය මෙවර පිත්තල කර්මාන්තය ආශ්‍රිතව නිර්මාණය කර තිබේ.

ජාතික කෞතුකාගාරයේද සහයෝගය ලබාගෙන දියත් කර ඇති මේ සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අපි ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන මහජන සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී නිලන්ති ජයකොඩි මහත්මිය සමඟ කතා බහ කළෙමු.

මේ මුලින්ම ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරි ආරච්චි මහත්මිය ඒ පිළිබඳව අදහස් දැක්වූ අයුරුයි.

හෙළ කලා ශිල්පියාගේ නිර්මාණශීලීත්වය ප්‍රකට කරන අතීත ශ්‍රී ලංකාවේ පිත්තල කර්මාන්තය ගැන තොරතුරු පැවසුවහොත්.

“මේ රටේ පිත්තල භාණ්ඩ වඩාත් ප්‍රචලිතව තිබුණේ මහනුවර යුගයේ දී රජ මාළිගාවල, ප්‍රභූ මන්දිරවල සහ පන්සල් ආශ්‍රිතව. මෙහිදී ආහාර ගැනීමට වගේම බොහෝ එදිනෙදා කටයුතු වල දී සහ විවිධ ආගමික කටයුතු වලදී භාවිතා කළ භාණ්ඩ රාශියක් පිත්තලෙන් නිර්මාණය කළ බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ දුරට එම කාලවකවානුවේ ප්‍රභූ පැලැන්තිය තුළ මෙම පිත්තල භාණ්ඩ භාවිතා කළ බව පවසන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැක්වූවොත්, අතීත සිංහල සමාජය තුළ මේස පුටු භාවිතය තිබුණේ නැහැ. ඒ නිසා ගැමි ජනයා පිල උඩ වාඩිවෙලා වේවැල් වලින් තැනූ ‘කූරු අඩිය” මත ‘අතුල්පත’ එළලා ඒ මත තියපු කෙසෙල් කොළයක හෝ නෙළුම් කොළයේ තමයි ආහාර ගැනීම සිදු කළේ. නමුත් ප්‍රභූ නිවාසවල ‘කූරු අඩිය’ වෙනුවට භාවිත කළේ ‘සේරක්කලය’ යි. ‘සේරක්කලය’ කියන්නේ පිත්තල යොදාගෙන නිපදවපු භාණ්ඩයක්.”

අතීතයේ පිත්තල කර්මාන්තයේදී තාක්ෂණය භාවිත කර ඇත්තේ කෙසේද?

‘තඹ’ සහ ‘තුත්තනායගම්’ යන ලෝහ වර්ග දෙක මිශ්‍ර කොට තනන ලෝහයක් වන ‘පිත්තල’ යොදාගනිමින් තමයි මේ භාණ්ඩ නිපදවල තිබෙන්නේ. මෙහිදී තාක්ෂණය ක්‍රමවේද දෙකක් ඔස්සේ ඔවුන් භාවිත කර තිබුණා. සෙම්බු, සේරක්කල, බුලත් හෙප්පු, පහන්, කොතල ආදි භාණ්ඩ ‘වාත්තු තාක්ෂණය’ මගින් නිපදවූ අතර, පිත්තල බන්දේසි, ආභරණ පෙට්ටි, ගිරය, හුණු කිල්ලෝට, දොර අල්ලු වැනි භාණ්ඩ ‘තැලීමේ තාක්ෂණය’ යොදා ගනිමින් තමයි නිපදවා තිබෙන්නේ. එමෙන්ම වාත්තු තාක්ෂණය යොදාගනිමින් පිත්තල භාණ්ඩ නිපදවූවන් ‘ලෝකුරුවන්’ ලෙසත්, තැලීමේ තාක්ෂණය යොදා ගනිමින් පිත්තල භාණ්ඩ නිපද වූ පිරිස ‘රිදී වැඩකරුවන්’ ලෙසත් හඳුන්වා තිබෙනවා.

SLT ආයතනය 2021 වසර සඳහා නිකුත් කළ දින දර්ශනයයේ තේමාව පිත්තල කර්මාන්තය යොදා ගෙන තිබීම ගැන ඔබතුමියගේ අදහස.

“ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බොහෝ කාලයක සිට අපේ රටේ උරුමයන් ගැන මේ රටේ ජනතාවට වගේම ලෝකයට කියන්න දැඩි උත්සාහයක් ගන්නවා. අපේ රටේ පිත්තල කර්මාන්තය පිළිබඳ තොරතුරු මේ අයුරින් සමාජගත කිරීමට ඔවුන් දරන උත්සාහය ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය විදියට මම ඉතා අගය කොට සලකනවා. අපේ රටේ ශ්‍රී විභූතිය හා අද්විතීය නිර්මාණකරණය පිළිබඳව උනන්දුව සහ අභිමානය වැඩි කිරීමට ඒවා කෞතුකාගාර පරිශ්‍රය තුළ නැරඹීම පමණක්ම ප්‍රමාණවත් නැහැ. අපේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ ජනතාව තුළ අභිමානයක් ඇති කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිර්මාණය කොට ඇති මෙම දින දර්ශනය දායක වේවි කියල මම හිතනවා. ඒ වගේමයි ඉදිරියටත් අපගේ පෞරාණික ප්‍රෞඩත්වය ලොව පුරා ප්‍රචලිත කිරීමට හැකියාව ලැබේවා කියා මම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතයට සුබපතනවා.”

2021 වසර සඳහා නිකුත් කළ ඉඹ්ඊ දින දර්ශනය අලංකාර කර ඇත්තේ ඉතාමත් දුර්ලභ පැරැණි පිත්තල භාණ්ඩ වලින්. මේ සිය ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මහජන සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධධිධිකාරිණී නිලන්ති ජයකොඩි මහත්මිය අදහස් දැක්වූ අයුරුයි මේ.

“ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන දැනට වසර 15 ක පමණ කාලය සිට අපගේ වාර්ෂික දින දර්ශණය මේ රටේ ස්වාභාවික, සංස්කෘතික සහ කලා උරුමයන් සමාජගත කිරීම වෙනුවෙන් ම නිර්මාණය කරනවා. ඒ වගේමයි අධ්‍යාපනික වටිනාකමකින් යුත් අංගයක් වගේම කලාත්මක නිර්මාණයක් විදියටත් හඳුන්වා දෙන්න පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනය පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්, මත්ස්‍යයන්, ඕකිඩ් වර්ග, වෙස් මුහුණු, දේශීය වී වර්ග, බෙර වර්ග ආදී වශයෙන් ඉතාමත් පුළුල් පරාසයක් ආවරණය කරලා තියෙනවා.

අප වසරක් පාසා ඉඹ්ඊ දින දර්ශනය නිකුත් කරන්නේ ‘හෙට දින වෙනුවෙන් උරුමය සුරැකීම’ යන තේමාව මුල් කරගනිමින් මා හුදෙක් සාම්ප්‍රදායික දින දසුනකින් ඔබ්බට ගොස්, අපූරු නිර්මාණාත්මක, මෙන්ම අධ්‍යාපනික කලා කෘතියක් ලෙසයි. 2021 වසර සඳහා නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනය. මෙවර තේමා කොට ගෙන ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ පිත්තල කලාව‘ යි.

මෙය ජාතික කෞතුකාගාරය සමඟ එක්වී අප නිර්මාණය කළ 2021 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිකුත් කළ දින දර්ශනයම මෙරට පිත්තල කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මහනුවර යුගයේදී නිර්මාණය වූ සංඛය, ලක්ෂ්මී පහන, කිනිස්ස, වැඳුම් ගිරය, පිත්තල බන්දේසිය, හුනු කිල්ලෝටය, ආභරණ මංජුසාව වැනි සුවිශේෂී පිත්තල නිර්මාණ රැසක ඡායාරූප හා විස්තර ඇතුළත් කොට තිබෙනවා.

මෙය SLT ආයතනයේ සුවිශේෂී ව්‍යාපෘතියක්. මෙවර ඊට පිත්තල කර්මාන්තය යොදා ගැනීමේ විශේෂ අරමුණක් තිබෙනවාද?

“ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරුවා විදියට ‘ශ්‍රී ලංකා ටෙලිකොම්’ ආයතනය ජාතික කෞතුකාගාරය සමඟ එකතුවෙලා දියත් කළ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මඟින් අපගේ ප්‍රෞඪ සංස්කෘතිය පිළිබඳව තොරතුරු ජනතාව වෙත සපයනවා වගේම, අනාගත පරපුර තුළ රටේ සංස්කෘතික වටිනාකම් පිළිබඳව අවබෝධයක් හා ආකර්ෂණයක් ඇති කිරීමට අපි මෙමඟින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි, ජනතාවට තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සඳහා පිත්තල නිෂ්පදාන භාවිත කිරීමට යම් දිරිගැන්වීමක් සිදු කරන අතරම, පිත්තල කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයින්ට මෙමඟින් යම් අත්වැලක් ලබා දීමත් අපගේ අරමුණයි්.”