මුතු අහුරේ දඟකාරිය සොන්ගුල්

නොවැම්බර් 29, 2018

දඟකාර යෞවනය සමඟින් දිරියෙන් ජීවිතයට මුහුණ දෙන ඔවුන් මාපිය ආදරය නොවිඳී දැරියන්ය. විවිධ හේතු නිසා පවුලේ ආදරයත් රැකවරණයත් අහිමි මේ දැරියන් ජීවත්වන්නේ අනාථ නිවෙසකය.

වැදූ මවට වඩා වැඩි ආදරයක් අනාථ නිවෙස්නේ දෙවැනි පාලිකාව වූ ෆෙරීඩාගෙන් හා එහි සේවය කරන වයසක සේවිකාවගෙන්‍ ඔවුන්ට හිමි වේ.

මේ දැරියන් අතර හිඳීන සොන්ගුල් බොහෝ ආදරණීය චරිතයකි. සිය පියා සිරගෙදර හිඳීන සොන්ගුල් තම මිතුරියන් අතර දී හෝ තනිව හිඳීන විටත් මාපියන් මතක් කරන්නේ අන් දැරියන්ට වඩා කලාතුරකිනි. නමුදු තම මිතුරියන් සම්බන්ධ ගැටලුවක දී පළමුව පෙරට එන්නේ ද ඇයයි. විශේෂයෙන්ම ඇය තමා සමඟ පුංචි කාලයේ හිඳන්ම ළඟින් ඉන්නා කදර් ට දක්වන්නේ එක කුස උපන් සහෝදරියකට දක්වන්නා වූ සෙනෙහසකි.

ටොප්රක් සර්, ෆෙරීඩා මැඩම් ගේ ආදරණීය දරු සෙනෙහස විඳීන එයුලිල්, සිම්රේ, කදර්, මෙරල් සහ සොන්ගුල් නම් යුවතියන්ගේ ආදරණීය කතාව ‘මුතු අහුර’ නමින් දෙරණ නාලිකාවේ විකාශනය වන්නේ අපේ රටේ තරුණ, බාල, මහලු කොයි කවුරුත් ආදරයෙන් ඇද බැඳ ගනිමිනි. මේ කතාවේ ආදරණීය චරිතයක් වූ සොන්ගුල් ගැනයි මේ දිග හැරුම.

1992 ඔක්තෝබර් 30 වැනි දින තුර්කියේ අයාන්සික් හි දී ගොක්සි අකිල්ඩිස් නමින් සොන්ගුල් උපත ලබන්නේ දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක තුන්වැනි දරුවා ලෙසිනි. 2002 වසරේ සිට ළමා නිළියක ලෙසින් රඟපෑමට එක් වී ඇති සොන්ගුල් මේ වන විට ටෙලිනාට්‍ය 15 - 20 ක පමණ රඟපා ඇත. ඒ නඪදජඩ ධට ඵනඪජඥ හා ථචදඵඪධද නම් සිනමා සිත්තම් දෙකකට ද රංගනයෙන් දායක වී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඇති සොන්ගුල් ගේ මීළඟ සිහිනය විදෙස් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී තව දුරටත් අධ්‍යාපනය හැදෑරීමයි.

කුඩා වියේ සිටම දක්ෂ රංගන ශිල්පිනියකගේ ලක්ෂණ විදහා දැක්වූ මේ හුරුබුහුටි දැරියට එවකට ද ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථාව උදා වී තිබේ.

‘රූපවාහිනිය හා කැමරාව පිළිබඳ මට ඇති වුණේ කුතුහලයක්. ඒ හින්දම අවුරුදු පහක් වෙද්දිම මගේ සිහිනය වුණේ රංගන ශිල්පිනියක් වීමයි. එය ළමා වියේදීම සැබෑ වුණා. පාසලේ දීත් මම රංගන අවස්ථාවන්ට දායකත්වය දුන්නා. මට රඟපෑම සඳහා හොඳ අවස්ථා ලැබුණා. ඒ වගේම රැකියා සොයමින් වෙහෙසෙන්න සිද්ධ වුණෙත් නැහැ. ඒ සඳහා කාලය නාස්ති කළේ නැහැ. ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම රඟපානවා. ඉතිං ඒකම මගේ වෘත්තිය බවට පත්වුණා. ආපසු හැරිලා බැලුවම මගේ ජීවිතය පිළිබඳ ඇතිවෙන්නේ සතුටක්.”

ඇගේ අපූර්ව රංගනය පිළිබඳ මාධ්‍යව්දියෙක් නැඟූ පැනයකට ඇය මෙලෙස පිළිතුරු දී තිබුණා. “රඟපාද්දි ඒ චරිතයක් කියලා දැනෙන්නේ නැහැ.

මම හදවතින්මයි රඟපාන්නෙ. එතකොට මට හිතෙන්නේ ඒ ඉන්නේ මමයි කියලයි. ඒ හින්දා වෙන්න ඇති මගේ චරිත හුඟාක් තාත්තවිකයි කියලා හැමෝම කියන්නේ.”

සුදු වර්ණයට සහ තැඹිලි පැහැයට රුචියක් දක්වන ඇය මෝස්තරවලට දක්වන්නේ ද වැඩි කැමැත්තකි. ඒ නිසාම ඈ ලස්සන ලස්සන ඇඳුම් පැලඳුම් සොයන්නට ද වෙහෙසෙයි. ඒ අතර ඇගේ විනෝදාංශ හා රැකියාව පිළිබඳ වැඩිදුරටත් විමසීමේ දී මෙලෙස අදහස් දක්වා ඇත.

“මම රඟපෑවේ නැත්නම් මූර්ති ශිල්පිනියක් වේවි. ඒ තරමටම මම ඒ ක්ෂේත්‍රයටත් කැමැතියි. පියානෝ වාදනයටත් කැමැතියි. ඒ හින්දා පියානෝ වාදනය පිළිබඳ පාඨමාලවකුත් හැදෑරුවා. විවේක වෙලාවට පියාමෝව වාදනය කරනවා. කෑම උයන්න, ක්‍රීඩා කරන්න, රූපවාහිනිය නරඹන්න මම බොහොම කැමැතියි. ඒවගේම තමයි පුංචි පුංචි ට්‍රිප් යන එකත් මගේ විනෝදාංශයක්.

යෞවන යෞවනියන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ඇය ම්ඪපඨඪද ඛ්ඪජඥඬතඥප හෙවත් ර්‍ණපනඩචද ජ්තධඹඥපඵ (ඕෆන් ෆ්ලවර්ස්) අපේ රටේ දී ‘මුතු අහුර’ නමින් හැඳුනුම් ලබන ටෙලි මාලා කතාවේි රඟපාන අතරතුරදීම විවාහ වී තිබේ. පසුව ගැබිනියක වූ ඇය කතාවේ අවසාන භගයේ දී ටෙලි නාට්‍යයෙන් ඉවත් වී ඇත.

2015 වසරේ ජුනි මාසයේ දී ආරම්භ වූ මෙම ටෙලි නාට්‍යය කාණ්ඩ දෙකක් යටතේ කොටස් 385 කින් සමන්විත යි. එය අවසන් වූයේ මේ වසරේ මාර්තු මාසයේ දී ය.

එහි අවසන් කොටස්වල දී සොන්ගුල් මිය යන අතර එයට හේතුව වන්නේ ගැබිනියක වූ ඇයට රඟපෑමට කිබුණූ අපහසුතාව යි. ඇගේ විවාහය 2017 වසරේ දී සිදු වුණ අතර සැමියා ගේ නම මුස්තාෆා ය. ඔහුත් නළුවෙකි. සොන්ගුල්ට දැන් පුංචි පුතෙක් ඉන්නවා.