තුන්කොන් ආදරයක පැටළුණු කඩවසම් හාදයා

කුෂාල් තන්ඩන්
දෙසැම්බර් 3, 2018

ගැහැනියක් පිරිමියකුගෙන් අපේක්ෂා කරන කඩවසම් පෙනුම ඔහුට අඩු නැතුවම ඇත. පෙනුම, හැසිරීම, කතාබහ ආදී සියල්ලක්ම බොහෝ ආදරණීයයි.

ඒ නිසාම තරුණයන් කෙරෙහි සිත ඇදී යන තරුණියන්ගේ මේ දිනවල උන්මාදය ඉන්දීය තරුණයෙකි. නමින් ‘කුෂාල් තන්ඩන්’ නම් මේ හාදයා කවුරුත් හඳුනන්නේ ‘අර්ජුන්’ නමිනි. ඒ ‘ඔබත් මමත් ඇයත්’ නමින් දෙරණ රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන ටෙලි කතා මාලාව නිසාය.

‘බේයාද්’ නමින් පේ‍්‍රමය, ත්‍රාසය සහ මානසිකත්වය අපූර්ව ලෙස විග්‍රහ කරන සෝනි ටී.වි හි විකාශනය වූ ඉන්දියානු කතාව මෙලෙස ‘ඔබත් මමත් ඇයත්’ නමින් ඔබ අතරට එයි.

කඩවසම්බව, ආකර්ෂණීයත්වය, සුන්දර ලෙස ආදරය කිරීමේ කලාව මෙන්ම වීරත්වය ද කැටි වූ අර්ජුන් හෙවත් කුෂාල් සහෝදරියන් දෙදෙනකුගේන් යුත් පවුලක බඩපිස්සාය. 1985 මාර්තු 28 වැනි දින උපත ලද ඔහු උපාධිධාරියෙකි.

2005 වසරේ ජනවාරියේ දී පැවුත් වූ මිස්ටර් ඉන්ඩියා තරගයේ පළමු වැනියා ලෙස ජයග්‍රහණය හිමි කරගත් කුෂාල් පසුව රංගනය පිළිබඳ හැදෑරීමට අමෙරිකාවට යයි. එහි සිට පැමිණෙන ඔහු නිරූපණ ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට එක්වන අතර 2011 වසරේ දී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පියවර තබයි. ඒ ඡ්ඬ ඩ්චලචචපධද ර්ඥඪද ර්ඥපඪ ඕඥඩදච ඩ්චඪ හි රංගනයට එක්වෙමිනි. එහි රඟපෑම වෙනුවෙන් ඒ වසරේ හොඳම අලුත් මුහුණට හිමි සම්මානය දිනාගත්තේ ද ඔහුය.

ඉන්දීය පිළිකා සංගමය සමඟ එක්වී කටයුතු කරන අර්ජුන් පිළිකා රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හැමවිටමත් පෙනී සිටිනවා. ඒ නිසාම වරක් ඔහු පිළිකාවක් වැලඳුණු තරුණයකු වෙනුවෙන් සිය කොණ්ඩය කපා පරිත්‍යාග කරනවා. පුංචි තිරයේ රංගනයට දායක වූ මේ කඩවසම් කොල්ලා පළමුවරට ප්‍රධාන චරිතයක් රඟපෑමට එක් වූයේ ‘බේයාද්’ හි අර්ජුන් ලෙසිනි. එහි රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි ‘ලයන්ස් ගෝල්ඩ්’ සම්මානය දිනාගැනීමට ද කුෂාල්ට හැකිවිය. ඔහුගේ ඊළඟ ටෙලි සිත්තම ‘හුම් - අයිම් බිකෝස් ඔෆ් අස්’ නමින් මේ වසරේ සිට විකාශනය වේ.

කෙසේ වෙතත් කුෂාල් තමා පිළිබඳ හඳුන්වා දීමේ දී කියන්නේ ‘මම කට ඇරියොත් වැටෙන්නෙම අමාරුවකයි’ යනුවෙනි. එයට හේතුව ඔහු කරන ප්‍රකාශ පිළිබඳ විවිධ මතවාද ගොඩනැඟෙන නිසාවෙනි. පසුගියදා ඔහු ප්‍රියංකා චොප්රාගේ හා නික් ජොනාගේ වයස් පරතරය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. තමන් පළමුවරට රඟපෑ ටෙලි නට්‍යයේ රඟපෑ නිළිය වූ නියා ශර්මා ඔහුගේ පෙම්වතිය බව බොහෝ අය පවසන්නට විය. ඒ පිළිබඳ එකල අදහස් දැක් වූ අර්ජුන් පැවසුවේ තමන්ගේ පෙම්වතිය බල්ගේරියන් නිළියක හා නිරූපිකාවක වන ඉලේනා බවත් නියා තමන්ට හොඳම මිතුරියක් පමණක් බවත්ය. එහිදී එහු පවසා සිටියේ ‘අපි දෙදෙනාම හොඳ පවුල්වල සාමාජිකයන්. මේවගේ බාල විහිළු කරලා ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ. අනෙක් කරුණ කිසිම හේතුවක් නැතුව ගැහැනු ළමයකුට ඔය වගේ කතා හදන එක හොඳ නැහැ’ යනුවෙනි. තවත් කලකට පසුව එනම් 2013 වසර වන විට කුෂාල් ගේ පෙම්වතිය වූයේ ගෞහාර් කාන්ය. ඒ ඉන්දීය රියැලිටි ෂෝ එකක් වූ බිග් බොස් සඳහා සහභාගී වීමෙන් පසුවය. එහිදී මාධ්‍යවේදීන් ඔහුගේ විවාහය පිළිබඳ නැඟූ පැනයකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ ‘මට දැන්ම විවාහ වෙන්න අදහසක් නම් නැහැ. ඒ වගේම හෙට දවස ගැන කියන්නත් බැහැ. ඒ හින්දා අද දවසේ හොඳම විදිහට ජීවත් වෙනවා. මමත් දවසක විවාහ වේවි. දරුවන් ලැබේවි. ඒත් ඒ කවද ද කා සමඟ විවාහ වීමෙන් ද කියලා කියන්න පුළුවන් මොන දෙවියන්ට ද?”

කලින් කලට පෙම්වතියන් මාරුකරන අර්ජුන් තම හිටපු පෙම්වතියන් සමඟ මිතුරියන් ලෙස ඇසුරු කරයි. එහෙත් ඒ මිතුරු ලැයිස්තුවේ ගෝහාර් නැත.

ඒක්තා කපූර්ගේ දෙවැනිවර කරළියට ආ ‘ප්‍රවීණා’ හි අනුරාග් බාසු චරිතයට පළමුවර තෝරාගෙන සිටි නළුවා ත් කුෂාල්. ඒ වගේම ඇයගේ නාගීන් 3 සඳහා ද තෝරාගෙන සිටි නළුවා කුෂාල්. ඒත් ඔහුට ඒ හැම අවස්ථාවක්ම අහිමි වුණා. ඒ කුෂාල් හා ඒක්තා කපූර් අතර ඇති වූ සිත් බිඳීමක් නිසාය. බොලිවුඩ් සිනමාවට පියනැඟීමට බලාපොරොත්තුවෙන් සිනමා සිත්තම් කිහිපයකම රඟපෑමට අත්සන් කළත් ඒවා එකක්වත් හරි ගිය නැති නිසා මේ දිනවල ඔහු ඒ පිළිබඳ සිතන්නේ නැහැ. කොහොම වුණත් නිතරම සතුටින් ඉන්න කුෂාල් දවසක අපිට බොලිවුඩ් සිනමා සිත්තමකින් හමුවෙන්නත් පුළුවන්.