Google තුළින් වැඩිම පිරිසක් සෙවූ නම

ජනවාරි 23, 2019

පසුගිය දිනවල ඉන්දීය සිනමාව තුළ චරිත රැසක් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. බොහෝ දෙනාගේ දෙතොලතර මේ නම් නිරන්තරයෙන් කියැවුණා.

ඒ අතරින් වැඩිම පිරිසක් අන්තර්ජාලයේ සෙවූ චරිතය නැතහොත් නම වන්නේ ර්‍ණපභ ඒඤචචප ඹ්ධමඥ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ප්‍රියා ප්‍රකාශ් බව ගූගල් ආයතනයේ ඉන්දියාවේ පිහිටි කාර්යාලය පසුගියදා නිවේදනය කර තිබෙනවා.

Oru Adaar Love  නම් මලයාලම් චිත්‍රපටයේ ඇසක් ගසා කරන්නා වූ ඉඟිය එක් රැයකින් යූ ටියුබ් ඔස්සේ ලොව පුරාම ජනප්‍රිය වුණා.

19 හැවිරිදි වියේ පසුවන ප්‍රියා, කේරළයේ ත්‍රිසුර්නි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක්.

චිත්‍රපටයේ පාසල් සිසුවියක් වශයෙන ඇගේ එම රංගනයට එරෙහිව නීතිමය ගැටලු ද මතු වී තිබූ බව නොරහසක්.

කෙසේ වෙතත් එම බාධා සියල්ල බිඳ හෙළමින් ඇය මේ වනවිට ලොව පුරා ජනප්‍රිය චරිතයක් වී හමාරයි.

මෙහි දෙවැනි ස්ථානය ප්‍රියංකා චොප්රාගේ සැමියා වන අමෙරිකානු පොප් ගායක නික් ජොන්ස්ට හිමි වී තිබෙනවා.

තෙවැනි ස්ථානය සප්නා චෞද්‍රි හටත්, සිවුවැනි ස්ථානය ප්‍රියංකා චොප්රා සහ පස්වැනි ස්ථානය සෝනම් කපූර්ගේ සැමියා ආනන්ද් අහූජා හටත් හිමිව තිබෙනවා.