ලොව සුන්දරම පවුල

ජනවාරි 23, 2019

සොබා දහම අපට දායාද කළ ලෝකය බොහෝ සොඳුරුය. මේ සුන්දර ලෝකය වඩ වඩාත් සුන්දර වන්නේ ආදරණීය හදවත් සහිත මිනිසුන් නිසාය. ලෝකයට අවශ්‍ය වන්නේ ද එවැනි සොඳුරු මිනිසුන්ය.

එහෙත් ජාති, කුල ගොත හිස තබාගත් බොහෝ මිනිසුන් අද ද මේ මිහිමව කිළිටි කරයි. වර්ණ භේදවාදයෙන් දෑස් අන්ධව ගිහින් මහන්තත්තකමෙන් හිස උදුම්මවාගත් මිනිසුන් රත් පැහැති ලෙය උරුමව සිටිය ද හමේ හෙවත් පිට පොත්තේ පාටින් මිනිසත්කම මනියි. ඔබ නොදන්නවාට, නොසිතුවාට හම සුදු බොහෝ මිනිසුන් අදට ද වර්ණය නිසාම මිනිසුන් පීඩාවට පත්කරති.

ඒ ලෝකයේ හමේ පාට නොව මිනිසත්කමේ පාට කියන කතාවකි මේ. ලොව ලස්සනම පවුල යැයි මේ දිනවල මුහුණු පොත හරහා බොහෝ සුන්දර ඡායාරූප පෙළක් හුවමාරු වෙයි. සැමියා සුදුම සුදුය. බිරිය කළුම කළුය. සොබාදහම ඔවුනගේ දරුවා නිර්මාණය කර ඇත්තේ මේ වර්ණ දෙකම අපූර්ව ලෙස මිශ්‍ර කරමිනි. මේ කළු ගැහැනිය නික්කි පර්කින්ස්ය. ඇගේ ආරණීය සැමියා ජැමී පර්කින්ස්. දියණිය ද අවා සාරා ය. මේ පවුල කවුරුන්දැයි සොයා බලන්නට හිතුණේ කළු පාටට වෛරකරන සමහරක් සුදු මිනිසුන් අතර හිඳින හිත හොඳ සැබෑ මිනිසුන් නිසාමය.

සූඩානයේ උපන් නික්කි ළමා අවදියේ දී ම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. දැන් ඇය ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්. ජැමී යූ ටියුබර් කෙනෙක්. ඒ කියන්නේ යූ ටියුබ් එකට විවිධ වීඩියෝ නිර්මාණය කරන පුද්ගලයෙක්. 1990 අපේ‍්‍රල් 2 වැනිදා උපන් නික්කි මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඇයට දැන් දෙවැනි දරුවාත් ලැබෙන්නයි යන්නේ. ඇය සමාජ මාධ්‍ය ජාලවල බොහොම ප්‍රසිද්ධයි. දැන් ඇයත් යූ ටියුබර් කෙනෙක්. ඇය සැමියා සමඟ එක්වී මෙම වීඩියෝ නිර්මාණය කරනවා.

ඇගේ වීඩියෝවල වැඩියෙන්ම තියෙන්නේ ජීවන රටාව, රුව, මේක්-අප් වැනි කාන්තාවන්ට වැදගත් දේවල්. සමේ පාට කළු වුවත් නික්කි බොහොම සුන්දර කාන්තාවක්. ජැමී සමඟ පෙමින් බැඳී විවාහ දිවියට පිවිසි මේ දෙදෙනා යූ ටියුබ් හරහා ඉතා විශාල ධනයක් ද උපයාගෙන ඇත. මේ දෙන්නාම බොහොම ජනප්‍රිය පුද්ගලයෝ.

2019/01/23 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.