බිල් දැන් ආදරණීය සීයා කෙනෙක්

අප්‍රේල් 3, 2019

දේශපාලනය බොහෝ ලාංකිකයන්ට අප්‍රියජනක මාකෘකාවකි. ඒ අපේ රටේ ඇති දේශපාලන රටාව නිසාමය. නමුත් ලෝක දේශපාලනය දෙස බලන විට දේශපාලනයෙන් සමු අරගෙන මහත්මා ජීවිත ගෙවන පිරිස ද බොහෝය.

කලෙක දී ලොව ප්‍රවෘත්ති මැවූ ආන්දෝලනාත්මක චරිත වූ මේ පුද්ගලයන් අද ගෙවන ජීවිත ලොව බොහෝ මිනිසුන්ගේ ප්‍රශංසාවල ලක් වේ. බිල් ක්ලින්ටන් කියන්නේ 1993 සිට 2001 දක්වා කාලය තුළ ලෝකෙට ලොක්කා වූ අමෙරිකාවේ හිටපු 42 වැනි ජනාධිපතිය. ඔහුත් දේශපාලනයේ දී බොහොම ආන්දෝලනාත්මක පුද්ගලයෙක් වුණා. එයා විතරක් නෙමේ එයාගෙ බිරිය හිලරි වගේම දියණියත් ඒ කාලෙ බොහොම ජනප්‍රියයි. කාලය ගතවුණා. බිල් දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා. පසුකාලීනව මේ පවුල ගැන අපේ එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. ඒත් අලුත්ම ආරංචිවල හැටියට දියණිය විවාහ වෙලා දැන් දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඇයට දැන් වයස අවුරුදු 38 ක් වෙනවා. විවාහ වුණේ 2010 දි. ඒ විතරත් නෙමෙයි ඉදිරියේදී මේ පවුලට තවත් දරුවෙක් එක්වෙන්න යනවයි කියලත් ආරංචයි. චෙලිසියාගේ වැඩිමහල් දියණිය චාර්ලට්. 2014 අවුරුදුදේ උපන් ඇයට අවුරුදු හතරයි. 2016 දී උපන් පුතා අයිඩන්ට අවුරුදු 2 යි. චෙල්සියාගේ සැමියා මාක් මෙස්වින්ස්කි. ඔහු වෘත්තියෙන් බැංකුකරුවෙක්. චෙල්සියා දැන් ලේඛිකාවක් ඇය දරුවන් වෙනුවෙන් 2015 අවුරුද්දේ සිට පොත් කිහිපයක්ම ලියලා තියෙනවා. ධ්බ’ඵ කධභප එධපතඤ: ට්ඥබ ධ්දටධපථඥඤ, ට්ඥබ ධ්දඵනඪපඥඤ චදඤ ට්ඥබ ට්ධඪදඨ, ඉබචපබ දධඹ!: රධභ ජචද ථචඬඥ ච ඤඪටටඥපඥදජඥ, ච්ධද’බ තඥබ බඩඥථ ඤඪඵචනනඥචප ආදී පොත් ඒ අතර වෙනවා.

අම්මා කෙනෙක් වුණු චෙල්සියාගේ ලෝකය පිරිලා තියෙන්නේ දරුවන් වෙනුවෙන්. ඇය දැන් ගෙවන ජීවිතය පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබුණා. ‘දියණයක් විදිහට මම ගෙව්වේ වෙනස්ම ජීවිතයක්. ඒ කාලේ අම්මා තාත්තා ගැන ආදරයෙන් හිත පිරිලා තිබුණා. දුවක් විදිහට ගෙවපු ජීවිතේ වෙනස්. ඊට පස්සේ බිරියක් විදිහට ආදරේ කිරීම වෙනස්ම අත්දැතීමක්. ඒත් ගැහැනියක් අම්මා කෙනෙක් වූ විට ඇගේ ලෝකය පිරෙන්නේ දරුවන් වෙනුවෙන් උපදින ආදරයෙන්. ඇත්තටම මේ භූමිකා තුන එකිනෙකට වෙනස්. ඒ වුණාට ඒ භූමිකා තුන අදටත් මගේ ජීවිතයට සමීපයි. අම්මා, තාත්තා එදා වගේම මගේ ජීවිතයට සමීපයි. මොකද මම එයාලට ඉන්න එකම දරුවා. ඒ වගේම සැමියා හා දරුවන් සමඟ ගෙවන ජීවිතයත් සුන්දරයි. අද අපි හැමෝම එකට එකතුවුණු දවසට ගෙවන ජීවිතේ තමයි වඩාත්ම සුන්දර. මගේ දරුවන්ටත් එයාලගෙ ආච්චි හා සීයා සමඟ ගෙවන ජීවිතේ සතුටින් පිරුණු එකක්. එදා අම්මයි තාත්තයි මං චූටි කාලෙ මට දක්වපු ආදරේ එයාලගේ මුණුපුරු මිණිපිරියන් වෙනුවෙන් අද දක්වනවා. ඇත්තටම අපේ තාත්තා නම් දැන් ගෙවන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් ජීවිතයක්.’

හිලරි කියලා තිබුණා මෙහෙම දෙයක්. ‘මම දවසක් අපේ මිණිපිරී බලන්න එයාගෙ කාමරයට ගියේ රාත්‍රියේ දී. මෙන්න එතැන හිටියේ බිල් නේ. මම හිතුවේ ඔහු වෙන තැනක ඇති කියලයි. ඒත් ඇත්තටම අපි දැන් හුඟාක් වෙනස් කියලා හිතුණා.’

බිල් ක්ලින්ටන් දැන් ගෙවන නිදහස් දිවිය බොහොම සරලයි. මේ පින්තූර එය ඔබට පහදා දේවි. ඔහු තමන්ගේ මිණිපිරියත් සමඟ උද්‍යාන වෙත යන්නේ නිදහසේ ඇවිදින්නයි. මේ ගමනට ඔවුනගේ බලු සුරතලුන් ද එක් වෙනවා. දැන් මේ සියා බොහොම ජනප්‍රිය සීයා කෙනෙක්. ඇත්තටම දේශපාලනයෙන් මිදුණු දවසක මිනිසුන් ගෙවිය යුත්තේ මෙලෙස සැමටම කරදරයක් නොවන නිදහස් දිවියක් නොවේද? එවිට ඒ අය සමාජය විසින්ම ආරක්ෂා කරනවා.

අන්තර්ජාලයෙනි