සැමියාගේ ආශීර්වාදය නොලැබුණා නම් මට මේ තරම් දුරක් එන්න බැරිවෙනවා.

සම්මානනීය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය
ඔක්තෝබර් 14, 2020

නුකරණයෙන් බැහැරව ආවේනික හැකියාවන් ඔපදමා රංගනයට මුහුකරන උදාරි වර්ණකුලසූරිය අද සිනමාවේ වැඩිම ඉල්ලූමක් ඇති තාරකාවයි. පිට පිටම පස් වතාවක් ලංකාවේ ජනපි‍්‍රියම නිළිය ලෙස සම්මාන ලබන ඇය රූ රැජිනක ද වනවා.

තමා වටා ඇති මේ කිසිදු සාධකයකින් හිස උදුම්මවා නොගෙන වෛද්‍යවරයකු වන සිය සැමියා හා අට හැවිරිදි දියණිය සමඟ සාමකාමී දිවි පෙවෙතක් ගත කරන උදාරි සිය ජීවිතයේ සංවේදී ඉසව් තරුණී ‘මතක මංපෙත‘ වෙත හෙළිකරනු ලැබුවේ මෙලෙසිනුයි.

උදාරි සිංගප්පුරුවෙ ඉඳන් ආවෙ කවද ද?

අපේ දුව ෂෙනාරියා අධ්‍යාපනය ලබන සිංගප්පූරුවෙ Pin Tong පාසලේ මාර්තු මාසෙ නිවාඩුවට දුව ලංකාවට ආවා. ඊට පස්සෙනෙ කෝවිඩ් නිසා එයාර්පෝර්ට් වැහැව්වෙ. එයාර්පෝර්ට් ඇරියට පස්සෙ ජුනි 2 වැනිදා මම දුවයි එයාව බලාගන්න සේවිකාවයි ඇරලන්න සිංගප්පුරුවට ගියා. මාස හතරක් එහෙ ඉඳලයි ලංකාවට ආවෙ.

උදාරිගෙ පවුලම සිංගප්පුරු පුරවැසියන් නිසා පවුලේ කටයුතු සිද්ධ වෙන්නෙ එම රටේ විදිහටද?

මටයි, සැමියටයි, අපේ දුවටයි ඒ රටේ පුරවැසි භාවය තිබෙනවා. දුව එහෙ ඉපදුණු කෙනෙක් නිසා මමයි සැමියයි මුල ඉඳලම සැලසුම් කළා දුව ඉපදුණු රටේම එයා ජීවත් වෙන්න ඕන කියල. ඒ නිසා අපි දුවව එහෙ පාසලකට ඇතුළු කළා. මගේ වෘත්තීය කටයුතු ලංකාවෙ නිසා මට නිතරම ඒ රටේ රැ¼දී ඉන්න අපහසුයි. ඒ නිසා දුව ව බලාගන්න ලංකාවේ සිංහල අම්ම කෙනෙක් දුව ළඟ නවත්වල ඉන්නවා. අපේ දුව හොඳට සිංහල කතා කරන, අපේ සංස්කෘතියට ආදරය කරන දරුවෙක්. එයාගෙ පාස්පෝර්ට් එකේ සඳහන් වෙන්නෙ ඇය ශ්‍රී ලාංකිකයෙක් විදිහටයි. මොකද එයාගෙ අම්මයි තාත්තයි හැටියට අපි දෙන්නා ශ්‍රී ලාංකික නිසා එයා ශ්‍රී ලාංකික දරුවෙක් විදිහට හඳුන්වන්න මම කැමැතියි.

රටවල් දෙකක කාර්ය බහුල වෙන සැමියකුයි බිරියකුයි විදිහට මේ ගෙවෙන ජීවිතයේ ගැටලු ඇතිවෙන්න තියෙන ඉඩ මඟහරවාගන්නෙ කොහොමද?

මමත් සැමියාත් දෙන්නාම වෘත්තීන් වලින් කාර්යබහුල වුණාට අපි දෙන්නම කාගෙවත් යටතේ රැකියා කරන අය නෙවෙයි. සුජිත් සිංගප්පුරුවේ රෝහල් දෙකක ප්‍රධාන වෛද්‍යවරයා. ඒ නිසා එම ආයතන වල තීරණ ගන්නෙ ඔහු. ඔහුට නිවාඩු ලබාගැනීමට තවත් කෙනකුගේ අනුමැතිය වුවමනා නැහැ. මෙයින් මම කියන්නෙ නැහැ

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.