නව වසරේ නව තාලයේ BoX Type ඇනෙක්සියක් සහිත දෙමහල් නිවෙසක්

ජනවාරි 2, 2019

නව වසරක් කියන්නේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න පුළුවන් වැදගත් අවස්ථාවක්. මේ වසරේ අප සැමදෙනාටම නැවුම් බලාපොරොත්තු, අපේක්ෂා, ඉලක්ක, සිහින රාශියක් තිබෙනවා.

මේ ගැන මොන වචනයෙන් කියුවත් අපේ ඉලක්කය ජය ගන්න නම් සැලසුමක් තිබිය යුතුමයි. මේ සැලසුම හදන්න හොඳම වසර තමයි 2019 කියන්නේ. ගෙයක් දොරක් හදාගන්න, පුංචි කැදැල්ලක සෙවණ ලබන්න පෙරුම්පුරණ ඔබට මේ වසර ඒ ඉලක්කයට මුල පුරන්න හොඳම අවස්ථාවක් උදාවෙලා.

ඒ වෙනුවෙන්ම ඔබට සතිපතා නිවාස සැලසුම් ඉදිරිපත් කරන අප මෙවරත් වෙනස්ම ආකෘති‍්‍රයක සැලසුමක් තිළිණ කරනවා. මේ නිවාස සැලසුමට කියන්නේ ඕධඔ ඊරනඥ ඒදදඥයඥ මෙහි ඇති වෙනස තමයි ඉහළ මහල අවශ්‍ය වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකිවීම. නැතිනම් වෙනස් පවුලක් සඳහා කුලියට දීමට හැකිවීම. හැබැයි මෙසේ යොදා ගන්නා විට මෙහි තිබෙන තරප්පු පෙළ ඔබට සුදුසු ආකාරයට නිර්මාණය කර ගැනීම ඉතා වැදගත්.

පහළ මහල

මෙහි පහළ මහල නිර්මාණය වන්නේ කාමර දෙකකිනි. එම කාමර දෙක සඳහා වෙන් වෙන් වශයෙන් නාන කාමර දෙකකි. මෙහි ඉදිරියෙන් වූ රථ ගාල සහ වැරැන්ඩාව නිවෙසේ එක් අන්තයක් වෙන්වන ලෙසින් පිහිටයි. මැද තරමක සාලයකි. මැද මිදුලක් නැතිනම් විවෘත අවකාශයක් සහිත සීමාව අසල තරප්පු පෙළ පිහිටයි. මෙහි කෑම කාමරයත් මුළුතැන්ගෙයත් හැර වෙනත් කිසිවක් නොවෙයි.

ඉහළ මහළ

ඉහළ මහල අප මුලින් සඳහන් කළ ආකාරයට තරමක වෙනස් නිමාවකි. එහි ඉදිරියෙන් බැල්කනියක් වෙයි. කාමර දෙකකි. එම කාමර දෙකට වෙන් වෙන් වශයෙන් නාන කාමර දෙකක් වෙයි. මෙහි දකුණු අත අන්තයේ ඇත්තේ මායිම් සීමාවයි.

ඉහළ මහලට ප්‍රවේශවන තරප්පු පෙළ අසල විශාල හිස් අවකාශයක් දකින්නට තිබේ. පාඩම් කටයුතු සඳහා වෙන්වන ලෙසින් වූ ඉබභඤර කාමරයකි. ඉදිරියෙන් ට්රථ එකක් හෝ ඕචප දකින්නට ඇත. වම් අත අන්තයේ දිගු බැල්කනිය මුළු පරිසරයම ආවරණය වන ලෙසින් නිර්මාණය වි තිබේ.

පර්චස් 08 ක් වැනි ඉඩමක තැනූ මෙම නිවෙස නාගරික පරිසරයට වඩාත් ගැළපෙන අතර ඔබ වැය කරන මුදලින් යම් ආදායමක් උපයා ගැනීමට ද මෙය යොදා ගන්නට ද අවස්ථාවක් තිබේ.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.