මැඩගස්කරයෙන් පැමිණි 'වින්කා රෝසියා'

පෙබරවාරි 6, 2019

නෙත පිනවන සිත සනහන මල් කොමලියන් බොහොමයක් මෙරටට තිළිණ වී ඇත්තේ විදෙස් රටවලිනි. මෙලෙස මල් වර්ග විශාල ප්‍රමාණයක් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති අතර ඒ මල් ලෝකයේ ප්‍රමුඛස්ථානයක් 'වින්කා රෝසියා' මලට හිමිවී තිබේ.

මැඩගස්කරය සිය නිජබිම කරගත් මේ ශාකය අපේ රටේ වැඩිදෙනකු හඳුනන්නේ 'මිනීමල්' ලෙසිනි. 'කැතරන්තස් රෝසියා' (ඛ්චබඩචපචදබඩභඵ අධඵඥභඵ) නමින් ද මෙය හඳුන්වන අතර 'ඇපෝසිනේසියේ' (ඒනධජරදචජඥචඥ) කුලයට අයත් ශාකයකි.

වින්කා රෝසියා ශාකය වර්තමානය වනවිට ලෝකයේ නිවර්තන සහ උප නිවර්තන කලාපවල දැකිය හැකි අතර විවිධ වූ වර්ණ සහිත ප්‍රභේදයන්ගෙන් දැකිය හැකියි. එමෙන්ම ලංකාවේ ද බොහෝ ප්‍රදේශවල පැතිරී ඇති මේ ශාකයේ වැඩිපුරම දක්නට ඇත්තේ දම් පැහැති මල් පිපෙනා පඳුරක් ලෙසින් වැඩෙන ප්‍රභේදයයි. ඊට අමතරව වර්තමානය වනවිට මෘදු රෝස, සුදු, රතු, දම් ආදී වර්ණ සමූහයක් සහිත ශාක ප්‍රභේද දැකිය හැකි අතර ඒවා අඩි 03 ක් පමණ වනතෙක් පඳුරක් ලෙස වැඩෙනු ඇත.

මෙම වින්කා ශාකයේ පැරැණි ප්‍රභේද බොහොමයක් පරිසරයේ පවත්නා කාෂ්ඨක තත්ත්වයන්ට ඔරොත්තු දෙන නමුත් අලුතින් එකතු වූ ප්‍රභේදවල නම් නඩත්තු කටයුතු සහ ශාක රැකබලා ගැනීම මැනවින් කළයුතුව තිබේ. මේ අතර වැල් වශයෙන් වැඩෙන වින්කා ප්‍රභේද විශේෂයන් හොඳින්ම රැකබලා ගතයුතුව ඇත.

ශාක බෝ කිරීම

අතු කැබලි පැළ කරගැනීම මාර්ගයෙන් පහසුවෙන් මෙම ශාකය බෝ කරගත හැකියි. ඒ සඳහා අතු කැබලි සිටුවාගත් බඳුන් ප්‍රොපර්ගේටරයක් තුළ තබා ඉක්මනින් පැළ කරගත හැකියි. එමෙන්ම වින්කා රෝසියා යනු බීජ මර්ගයෙන් ද බෝ කරගත හැකි මල් කුමාරියකි.

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.