මැදට හොඳ නැති මැද මිදුල’

මාර්තු 6, 2019

නිවෙසක ඇති වාස්තු දෝෂයන්, එහි නිවැසියන්ට බලපාන කාල වකවානුව හරියටම කීම ඉතා අසීරු දෙයක්. නිවෙස සාදා ගෙන යන අතරතුරේ දී හෝ පදිංචි වූවාට පසුවත් මේවා බලපෑ හැකියි.

උදාහරණ ලෙස නිවෙසේ ඉදිකිරීම් කටයුතු ඇදි ඇදී පරක්කු වීම්, ඉදිරි වැඩ කරයුතු කරගැනීමට නොහැකි වන ආකාරයට නැවතීම, නිවෙස ඉදිකරන කාර්මිකයන් අසනීප වීම හා විවිධ අනතුරුවලට ලක්වීම, නිවැසියන්ගේ ජීවිතයේ විවිධ අංශවල දී (අධ්‍යාපන, රැකියා, විවාහය, ව්‍යාපාර, සෞඛ්‍ය ආදී) සිදුවෙන බිඳ වැටීම් ආදී අංශ ගණනාවකටම මෙම වාස්තු දෝෂයන් බලපාන්න පුළුවන්. මෙයින් ඔබට වැටහෙනවා ඇති නිවෙසක ඇතිවන වාස්තු දෝෂයන් වළක්වා ගැනීමට මුලදී කටයුතු කිරීම ඉතාම වැදගත් දෙයක් බව. වැරැදි විදිහට නිවෙසක මැද මිදුලක් එකතු කිරීම ද හැම පැත්තකින්ම දෝෂයක් ගෙන දෙන්නකි. ඒ නිසා අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ නිවෙසකට එකතු කරන “මැද මිදුල” කියන අංගය නිසියාකාරව නිවෙසක ඉදිකිරීමේ වැදගත්කම ගැනයි.

මැද මිදුල කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් නිවෙසක් තුළට අප ආලෝකය හා වාතාශ්‍රය ලබාගන්නේ එහි පිටත සීමා බිත්තිවලට යොදන ජනෙල්, දොර, වා කවුළු, ලුවර් ආදියෙන්. මේවා සමඟ ගැළපෙන ආකාරයට හෝ, මෙසේ දොර ජනෙල් ආදිය යෙදිය නොහැකි අවස්ථාවන්වල දී නිවෙස තුළට අවශ්‍ය ආලෝකය හා වාතාශ්‍රය ලබාගැනීමට ඉහළින් සාදන අවකාශය සමඟ නිවෙසේ එම බිම් කොටස පිළියෙල කිරීම මැද මිදුල (ජධභපබ රචපඤ) ලෙස නම් කරන්න පුළුවන්.

නිවෙසක මැද මිදුලක් යොදන්නේ ඇයි?

මෙයට ප්‍රධානතම කාරණය නම් නිවෙස තුළට අවශ්‍ය කරන ආලෝකය හා වාතාශ්‍රය මනාව ලබා ගැනීමට සැලැස්වීමයි. මා ඉහත කියූ ආකාරයට

දොර, ජනෙල්, කවුළු ආදිය පිටත බිත්තිවලට තැබිය නොහැකි අවස්ථාවල දී ( උදා:- මායිමට යොදන අන්ධ බිත්ති - ඕතඪදඤ එචතතඵ) මෙසේ ප්‍රමාණාත්මකව ඉහළින් නිරාවරණය මැද මිදුලක් යෙදීම නිත්‍යානුකූලව අවශ්‍යතාවක් වෙනවා. නිවෙස තුළ අලංකාරය ලබාගැනීමටත් මැද මිදුල අද කාලයේ අත්‍යවශ්‍ය අංගයක්. අප හැමදෙනාම ස්වභාව ධර්මයට ප්‍රිය කරන උදවිය. මේ කාරණය නිසාත්, තමා පදිංචි නිවෙස ඇතුළත කුඩාවට හෝ මැද මිදුලක් ඉදිකිරීමට පෙලඹෙන අවස්ථා දක්නට ලැබේ. නිවෙස ඇතුළත සිටින විට පරිසරය හා සම්බන්ධ වෙමින් මිදුලේ සිටිනවා වැනි හැඟීමක් ලබාගැනීමට කටයුතු කිරීම වරදක් නොවේ. නමුත් එහි සීමාව දැනගත යුතුයි.අතීතයේ දී මිනිසා වාසස්ථාන ගැන සිතුවේ ප්‍රධානවම ස්වාභාවික උවදුරු, ස්වභාව ධර්මයෙන්වන පීඩාවන් ආදියෙන් ආරක්ෂා වීමට. අව්- වැසි - සුළං ආදියෙන් ආරක්ෂා වීමට නවාතැන් හැදූ ඔහු ප්‍රමාණාත්මකව පරිසරය සමඟ මුසුවීම අත්‍යවශ්‍ය නිසා ආලෝකය හා වාතාශ්‍රය නිවෙස තුළට ලබා ගන්නේ බිත්තිවල සැකසූ කවුළු මඟින්. ස්වභාව ධර්මයෙන් ආරක්ෂා වීමත්, ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමත් ගළපා ගන්නේ වාසස්ථානයෙන්. මා කලින් කියූ “සීමාව” මෙයයි.

වාස්තු විද්‍යා අංශයෙන් නිවැරැදිවීම ඉතා වැදගත්

නමට අනුව “මැද මිදුල” වුණත්, නිවෙසක් මධ්‍යයේ මැද මිදුලක් ඉදිකිරිම ඉතාම හානිදායකයි. වාස්තු විද්‍යාත්මකව බලගන්වන ලද නිවෙසේ වර්ගඵලයේ හරි මැද කොටස, එහෙම නැත්නම් බ්‍රහ්ම පාදය කියන්නේ නිවෙසේ හදවත බඳු තැනකට. මෙය කිසිම ආකාරයකටවත් පීඩා නොවී, නිදහස්ව හා පිරිසුදුවටම තැබිය යුතු පූජනීය ප්‍රදේශයක්. ඉහත කියූ පරිදි බල ගැන්වූ නිවෙසේ වර්ගඵලය ආරක්ෂා කිරීමට ඉහළින් ආවරණයක්

කළ යුතුයි. නිවෙසකට වහලය යෙදීමේ එක අරමුණක් වන්නේ මෙම බලය දුන් වර්ගඵලය ආරක්ෂා කරගැනීමයි. මේ ආකාරයට බලන විට නිවෙසේ කුමන හෝ ස්ථානයක දී ඉහළින් වහලය විවෘත කිරීම යනු අව්වට - වැස්සට නිවෙස ඉහළින් සෘජුවම විවෘත කිරිමකි. එය නිවෙසේ බලය හීන කරන දෙයක්. නිවෙසට ඉහළින් සිදුවෙන මෙම පීඩා වළක්වා ගන්නේ කොහොමද? නිවෙස තුළට හිරු එළිය ප්‍රමාණාත්මකව ඉහළින් පතිත වීමට පාරදෘශ්‍ය මාධ්‍යයෙන් නිමවූ සෙවිලි තහඩු (ඊපචදඵනචපඥදබ ඉඩඥඥබ) යෙදීම මඟින් වැහි වතුර නිවෙස තුළට ඇතුළුවීම (වැස්සෙන් පිඩාවිම) වැළකේ. මේ ආකාරයටම නිවෙසට අවශ්‍ය වාතාශ්‍රය ලබාගැනීමට මැද මිදුලේ ඉහළ ඇති බිත්තිවලට සිරස් කවුළු, ලුවර් යෙදිය හැකියි. වාස්තු විද්‍යා අංශයෙන් මැද මිදුලකින් දෝෂ ඇති නොවීම සහ නිත්‍යානුකූල අංශයේ මැද මිදුලේ අවශ්‍යතාව හඳුනාගෙන ඒවා එකිනෙක ගැළපෙන පරිදි ඉදිකිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්.

 

තරුණි 2019/03/06 බලන්න.