පර්චස් හතක ඉඩමක තැන Box Type

සරල නිමාවේ දෙමහල් නිවහනක්
මාර්තු 20, 2019

ගෘහ නිර්මාණ ශිල්පය කලාවකි. එය නිර්මාණ කලාවත්, තාක්ෂණයත්, වාස්තු විද්‍යාවත් යන සියල්ල සමපාද ත්‍රිකෝණයක් ලෙසින් ගළපා ගත යුතු වෙයි.

මෙලෙසින් ගළපා ගැනීමට ගෘහ නිර්මාණශිල්පියා දක්ෂයකු විය යුතු අතර සේවාදායකයාගේ සිතැඟි අපේක්ෂාවන් හා අරමුණ ඉටුකර දීමට ද හැකියාවක් තිබිය යුතුය.

බොහෝ නිර්මාණ සැලසුම් අසාර්ථක වන්නේ නිර්මාණ ශිල්පියාගේ මතය පමණක් අනුව නිවෙසක් තැනීමෙනි. මේ සඳහා හොඳම විසඳුම වන්නේ නිවෙසක් තැනීමට පෙර දළ අදහසක් සේවාදායකයා, නිර්මාණ ශිල්පියාට ලබාදීමය. එවිට එම අදහසට ගැළපෙන ලෙසින් සැලසුම නිර්මාණය කිරීම ශිල්පියාට වඩාත් පහසුවකි. මේ සඳහා අප ඔබට සතිපතා තිළිණ කරන මෙම සැලසුම් හොඳම ආදර්ශයකි. ඔබ මෙම සැලසුම් අධ්‍යනයෙන් ලබන අවබෝධය අනුව ඔබේ සිතේ ඇති අදහස ද ගළපා ගත්විට නිවෙසක සැලසුම ඇඳීම වඩාත් පහසුවකි. අප මෙවර ඉදිරිපත් කරන සැලසුම සාමාන්‍ය ආකෘතියෙන් වෙනස් එකකි. මෙම නිවෙසේ ඉදිරි පෙනුම වඩාත් ආකර්ෂණීය වෙයි. එහි එක් පසෙක රථගාල වෙයි. අනෙක් පසින් ඇත්තේ වැරැන්ඩාවකි. එම වැරැන්ඩාවෙන් නිවෙසට ප්‍රවිශ්ට දොරටුව පිහිටයි. මෙහි මැද සීමාවේ සාලයකි. එහි කොණක මැද මිදුල වෙයි. කාමර තුනකින් යුතු පහත මහලේ එක් කාමරයක් කාර්යාල කාමරයක් ලෙසින් වෙන්ව පිහිටයි. එම කාමරය අසලම ඇත්තේ කෑම කාමරයකි. කුඩා සීමාවක වෙන්ව පිහිටි නාන කාමරය හැර මෙහි මුළුතැන්ගෙය හා පැන්ට්‍රිය එකම සීමාවක නිවෙසේ පසුපසම කොටසේ දක්නට ඇත.

මෙහි ඉහළ මහල හා පහත මහල සමපාතව වූ ඉදිරිපස සීමාව හිස් අවකාශයකි. පසුපස සීමාවේ Study Area  එකක් හා ටීවි ලොබියක් වෙයි. එම සීමාවේ ඉහළ මහලට ප්‍රවේශවන තරප්පු පෙළකි. මෙහි නිදන කාමර දෙකකි. එම කාමර දෙක අතර නාන කාමරයක් වෙයි. පසුපස සීමාවේ කුඩා බැල්කනියක් ද මෙහි දක්නට ඇත. පර්චස් 7 ක පමණ ඉදි වූ මෙම නිවෙස එක් කොටසක් ඉඩමේ මායිමට සිටින ලෙසින් පිහිටයි. ගෙමිදුල සම්පූර්ණයෙන්ම ඉදිරියට ප්‍රවේශවන මාර්ගයට විවෘතව පිහිටයි.

 

උපදෙස්

කුරුණෑගල පානදුර,

වරකාපොළ

කැදැල්ල හෝම්ස් හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

www.kedellahomes.lk

 

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.