කෑම මේසයේ සිරියාවට මුසු වූ අපේකම

අප්‍රේල් 10, 2019

අලුත් අවුරුදු සිරියාව සම්පූර්ණයෙන්ම ගැබ්වෙලා තියෙන්නේ අලුත් අවුරුදු කෑම මේසයේ. ඔබ මහන්සියෙන් පිළියෙල කරගත් කැවිලි, පෙවිලි ටික නිකම්ම නිකම් මේසයට යවනවට වඩා නිර්මාණශීලීත්වයෙන් යුතුව සකසන්නේ නම්...

ගෘහ අභ්‍යන්තර අලංකරණයට අනුව ඔබේ නව ආරක්ගත් සිතුªම් පැතුම් මෙහිදී මහඟු දායකත්වයක් දක්වාවි. මෙවර ආහාර අනුභවය යෙදී තිබෙන්නේ සවස් භාගයට. කෑම මේසය පිළියෙල කරද්දී වෙලාව පිළිබඳත් මඳක් සිතන්නට වේවි.

අලුත් අවුරුදු කෑම මේසයටත් විසිත්ත කාමරය... ආදිය සරසන්නට ගත් තේමාවම ආදේශ කළ හැකියි. මෙහිදී පැහැයේ තේමාව, සූරියකාන්ත, එරබදු වැනි අවුරුදු කාලයටම ආවේණික වූ මල් විශේෂයක් බුලත් කොළ, කෙසෙල් කොළ වැනි දේ යොදා ගත හැකියි.

 

පිඟන් හා ටේබල් රනර්

තේමාව ආදේශ කළ යුත්තේ ඉතාම සංයමයෙනි. දෑස් හෙළන සෑමතැනකම මේ දේවල් තිබීම මනසට වදයක්. එහි කිසිදු නිර්මාණශීලී බවක් ගැබ්ව නොතිබේවි. උදාහරණයක් ලෙස කෑම මේසයේ ටේබල් රනර් සඳහා කෙසෙල් කොළ තේමාව ගත්තේ නම් මේසයට වෙනත් කිසිම සැරසිල්ලක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේසය, ටේබල් රනර් එක තනි පැහැයෙන් තිබියදී පිඟානට අවශ්‍ය තේමාව ආදේශ කළ හකියි. මෙහිදී මල්, කොළ පුන්කලස ආදී රූප සෙරමික් පේන්ට් එකෙන් පින්තාරු කළ හැකියි. ස්ටෙන්සිල් එකකින් මෙවැනි රූපයක් ඇඳ ගැනීමටත් පුළුවනි. එහෙත් මෙවැනි පිඟන් වසර පුරාවටම පාවිච්චියට නොගෙන අවුරුදු කාලයට පමණක් පිටතට ගන්නේ නම් වඩාත් ප්‍රායෝගික වේවි.

 

2019/04/10 තරුණි බලන්න