නේක වර්ණයෙන් ගෙමිදුල සරසන ටොරේනියා

අප්‍රේල් 10, 2019

නෙත පිනවන චමත්කාර වර්ණ රැසකින් ගෙමිදුල සරසන අපූරු මල් කැකුළියයි ‘ටොරේනියා’ (Torenia).. මෙහි නියම නම ටොරේනියා වුවද බොහෝ දෙනකු ‘ටෙරෝනියා’ ලෙසින් මෙය හඳුන්වන අතර උද්භිද නාමය වන්නේ ‘ටොරේනියා පෝනියරි’ (Torenia fournieri) ය.

ඊට අමතරව ‘විෂ්බෝන් ෆ්ලවර්, බ්ලූ වින්ග්ස්’ වැනි පොදු නම්වලින් ද මෙය හැඳින්වෙන අතර ඉතා අලංකාර මල් වර්ගයක් ලෙසින් මල් ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත. අඩියක් පමණ උසට ද ඊට සමාන පළලකින් ද යුක්ත මේ ටොරේනියා ඒකවාර්ෂික ශාකයකි.

බෝ කිරීම

ඉතා ළපටි ශාකයක් වූ මෙය බීජ මාර්ගයෙන් මෙන්ම අතු කැබලි මඟින් ද බෝ කරගත හැකිය. මෙහිදී මල් පිපී අවසන් වූ බීජ ගෙන ඒවා පවනේ වියළෙන්නට තබා සකස් කරගත් තවාන් පාත්තියක් මත අතුරාගන්න. මේ තවාන් පාත්තිය හිරුඑළියට එක එල්ලයේ නිරාවරණය නොවිය යුතු අතර තවාන් මතුපිට ප්‍රදේශය තෙත ස්වභාවයකින් යුක්තවීම සුදුසුය. බිජ පැළවීමට සාමාන්‍ය උෂ්ණත්වයක් අවශ්‍ය වේ. එමෙන්ම මතක තබාගතයුතු අනෙක් කරුණවන්නේ ටොරේනියා බීජ තවාන් පාත්තියේ පසට යට නොකිරීමයි. මෙලෙස තවාන් කරගත් බීජ තුළින් මතුවන පැළ අඟල් 02 ක් පමණ වැඩෙනවිට ගලවා බඳුන්වල සිටුවා ආලෝක පාලනයක් සහිතව හුරුකරවාගන්න. අනතුරුව උද්‍යානයේ පාත්ති වශයෙන් හෝ බඳුන්ගතව සිටුවාගත හැකියි.

ටොරේනියා අතු කැබලි ද පැළ කරගත හැකි අතර එහිදී ලබාගන්නා අතු කැබැල්ල අඟල් 06 ක් පමණ වනසේ වෙන් කරගෙන කොම්පෝස්ට් මිශ්‍රණයක් සහිත බඳුනක සිටුවාගන්න. අනතුරුව එය ප්‍රොපර්ගේටරයක් තුළ තැබිය යුතු අතර සතියක් පමණ වනවිට මුල් ඇදී එන අතර ඒවාද පෙර කී පරිදි ආලෝක පාලනයක් සහිතව සාමාන්‍ය කාලයක් තබා ස්ථිර භූමියේ හෝ බඳුනක සිටුවාගන්න.

ප්‍රභේද

ටොරේනියා ප්‍රභේද රාශියක් ඇති අතර මල්වල වර්ණ අනුව ඒවා නිල්, දම්, සුදු, රෝස, කහ සහ එම වර්ණවල මිශ්‍රණයක් ලෙසද දැකිය හැකිය. බොහෝ ස්ථානවල නිල් සහ දම් ප්‍රභේද දැකිය හැකි අතර නව ප්‍රභේද කිහිපයකි මේ.

2019/04/17 තරුණි බලන්න

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී විසිතුරු මල්වගා උපදේශක

මාබොදලේ

රංජිත් කළුආරච්ච්