හිරුඑළියට බොහෝ හිතැති බෝගන්විලා

මැයි 22, 2019

ඈත අතීතයේ සිටම බොහෝ ගෙමිදුල් චමත්කාරයෙන් පුරවන ලොකු කුඩා කවුරුත් හොඳින් හඳුනන මල් කොමළියයි ‘බෝගන්විලා’. නමුත් මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ‘බෝගන්විලියා’ (ඕධභඨචඪදමඪතතඥච) වන අතර 19 වැනි සියවසයේ දී ලොව වටා මුහුදු ගමන්වල යෙදුණු ප්‍රංශ ජාතික ‘බූගන් විලියා’ මහතා සිහිවීම පිණිස මේ නම යොදා ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ ද අවුරුදු සිය ගණනාවකට අධික කාලයක සිට ගෙමිදුල් සරසන මේ බෝගන්විලා ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල හැර අනෙකුත් ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකියි. එමෙන්ම මේ බෝගන්විලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්,

 

1. විශාල වශයෙන් පඳුරු (වැල්) ලෙස

වැඩෙන පැරැණි වර්ග

2. කුඩා පඳුරු ලෙස වැඩෙන නව ප්‍රභේද

 

මෙම පැරැණි ප්‍රභේදයන් වසර පුරාවටම

චමත්කාර මලින් සැරසී සිටිනු දැකිය හැකි අතර විශාල මල් පොකුරු ද දැකිය හැකියි. එමෙන්ම සීමිත වර්ණ ප්‍රමාණයක් පමණක් දැකිය හැකියි. නමුත් නව ප්‍රභේදයන් හී විවිධ වර්ණ සමූහයන් දැකිය හැකි අතර මේවා සාමාන්‍යයෙන් අඩි 2 - 3 ක් පමණ උසැති පඳුරු වශයෙන් සකසා ගත හැකිය. ස්ථිර භූමියේ මෙන්ම බඳුන්ගතව ද මේ නව ප්‍රභේද වගා කළ හැකියි. මෙහි මල් පොකුරු තරමක් කුඩා වුවත් පොකුරු ප්‍රමාණය වැඩිය.

එමෙන්ම මේ නව ප්‍රභේද බොහොමයක් මල් ලෝලීන් අතර ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින අතර එයින් කිහිපයකි මේ.

 

අයිස්ක්‍රීම්

අල්බා

පැගෝඩා පින්ක්

තායි ගෝල්ඩ්

ගෝල්ඩන් සමර්ස්

හවායින් පින්ක්ස්

එළිසබෙත්

පැළ බෝකිරීම

බෝගන්විලා යනු පැළ කරගැනීමට තරමක් අපහසු ශාකයක් ලෙස ඇතැම් කෙනකු හඳුන්වති. නමුත් නිවැරැදි වගා ක්‍රම ශිල්ප භාවිත කිරීම හරහා මෙය බෝ කරගැනීම එතරම් අපහසු නොවේ.

මල් පිපි අවසන් වූ බෝගන්විලා ශාක කප්පාදුවෙන් පසුව අලුතින් ඇදී එන අතු කැබලි මේ සඳහා තෝරාගත යුතුය. එවැනි අතු කැබලි අඟල් 6 - 8 අතර ප්‍රමාණයන්ගෙන් කපාගෙන මුල් අද්දවන හෝමෝනයක් තවරා පහත සඳහන් වගා මාධ්‍යය මිශ්‍රණය පුරවාගත් බඳුන්වල සිටුවාගන්න.

2019/05/22 තරුණි බලන්න