මොනවද මේ මයික්‍රෝග්‍රීන්ස්

ගෙවත්තේ සෞභාග්‍යය
අගෝස්තු 19, 2020

පසුගිය කාලයේ ඇතිවූ වසංගත තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස නිවෙස්වලටම කොටු වුණු පිරිස තම කාලය වැඩි වශයෙන් වැය කළේ ගෙවතු වගාවට කීවොත් නිවැරැදියි.

තමන් සතු පුංචි ඉඩකඩෙහි පමණක් නොව නාගරික පරිසරයේ තට්ටු නිවාසයන්හී කුඩා සඳලුතලෙහි පවා ප්‍රයෝජනවත් ගහක්, වැලක් සිටුවාගන්නට ඔවුන් වෙසෙුණේද එමඟින් සිතට දැනෙන හැඟීමත් ආර්ථිකයට ලැබෙන වාසියත් නිසා.

එපමණකින් නොනැවතී විවිධ වගා ක්‍රම අත්හදා බලන්නටත්, එමඟින් නිවෙසෙහි එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු, පලා වගාකර ගන්නටත් වැඩිදෙනෙක් පුරුදු වූහ. මේ අතරේදී තමන් සතු කෘෂි දැනුම මෙන්ම වගා අත්දැකීම් මුහුණපොත හරහා හුවමාරු කරගන්නා ආකාරයත් අපි දුටුවෙමු.

මයික්‍රොග්‍රීන්ස් (Microgreens) වගාව එලෙස මුහුණු පොතෙහි සැරිසැරූ එක් වගා ක්‍රමයකි. සවනට එතරම් හුරුපුරුදු නොවූ වගාවක් බැවින් අද අපි ඒ පිළිබඳ සොයා බලමු.

 

මොනවද මේ මයික්‍රෝග්‍රීන්ස්

ආහාරයට ගතහැකි එළවළු සහ පැළෑටිවල කුඩා බීජ පැළ මයික්‍රෝග්‍රීන්ස් නමින් හැඳින්වේ. ආහාරයක වර්ණය, පෙනුම සහ රසය වැඩිදුයුණු කිරීමට යොදාගන්නා මේ මයික්‍රෝග්‍රින්ස් 80 දශකයේ පටන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. ලංකාව තුළ එතරම් ජනප්‍රිය නොවුවද වෙනත් රටවල් නම් මෙය ආර්ථික වගාවක් වශයෙන් ද සිදු කෙරේ.

ප්‍රයෝජන

* පොටෑසියම්, යකඩ, සින්ක්, මැග්නීසියම් සහ තවත් පෝෂක පදාර්ථ බොහොමයක් අඩංගුය.

* අධික ස්ථුලතාව, දියවැඩියාව, හෘද රෝග සහ අධි රුධිර පීඩනය වැනි බොහෝ සෞඛ්‍ය ගැටලු අවම කරයි.

 

2020/08/19 තරුණි පුවත්පත බලන්න