Open Planing ක්‍රමයට සකසන මුළුතැන්ගෙයි පැන්ට්‍රියයි මේ

සැප්තැම්බර් 9, 2020

අඩු ඉඩකඩක තැනෙන නිවෙසක නවීන පන්නයේ සැලැස්මකට අනුගතවන්නේ නම්, ඔබේ සිතැඟි පරිදි විසිත්ත කාමරය, කෑම මේසය (dinning) හා මුළුතැන්ගෙය එකම දර්ශන පථයකට හසුවන පරිදි නිමවේ.

මෙවැනි මුළුතැන්ගෙයක පැන්ට්‍රිය ගෘහ අභ්‍යන්තර අලංකරණය අනුව යමින් සකසා ගන්නේ කොහොමද? අද අපි ඒ පිළිබඳ කතා කරමු.

බලන්න, මෙහි ඉදිරිපත් කර ඇති මුළුතැන්ගේ සඳහා පැන්ට්‍රි සකස් කෙරෙන දළ සටහන් කිහිපය දෙස. මේ අලුත් ම තාලේ මුළුතැන්ගෙයකට ආදේශ කළ හැකි පැන්ට්‍රි හැඩතල කිහිපයක්.

Open Planing හෙවත් විසිත්ත කාමරය, කෑම මේසය හා මුළුතැන්ගෙය එකම දර්ශන තලයක ඇති විටදී වෙනම ම ඇති මුළුතැන්ගෙයකට වඩා ඉතාම අරපරෙස්සමින් බඩු බාහිරාදිය ගබඩා කිරීම සිදු කළ යුතුවේ. එළිමහනේ තිබිය හැකි වන්නේ සීමිත දේවල් කිහිපයක් පමණි. අමුත්තන් පැමිණ ඇති විටක දි ඉවුම් පිහුම් සිදුකිරීම පවා ඉතාම සැලකිල්ලෙන් කළ යුතුවේ.

මෙහිදී බිම මට්ටමේ සිට ඉහළටම කබඩ් එකක් (Tall cupboard) ගසයි. මේ අවශ්‍ය දෑ ගබඩා කිරීම සඳහා යි. ස්ටූල් හෝ කුඩා ඉනිමං භාවිත කර මෙම ඉහළ කබඩ්වල ගබඩා කර ඇති දෑ ගනියි. මේ ස්ටූල්, ඉනිමං පැන්ට්‍රිය ඇතුළටම අකුළා දැමිය හැකියි. බිත්තිවලින් උපරිම ප්‍රයෝජන ගත හැකි පරිදි කටයුතු කරන්නට සිදුවේ.

Open Planing  ක්‍රමයේදී Breakfast Counter එකක් දමා Bar Stools තැබීමෙන් ඒ මත හිඳ කෑම ගන්නට, සුහද කතාබහක නියැළෙන්නට වුව පුළුවන. Open Planing  ක්‍රමයේදී Kitchen Island   එකක් ලෙස සැකසීම තවත් ක්‍රමයකි.

 

 

උපදෙස් - ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල

 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න