සුව නින්දකට වටපිටාව සකසන මාස්ටර් බෙඩ්රූම්

ඔක්තෝබර් 7, 2020

නිදන කාමර අතුරින් මාස්ටර් බෙඩ්රූම් එක කෙරෙහි කොයි කාගේත් වැඩි අවධානයක් යොමුවේ. නිවෙසේ විශාලම නිදන කාමරය මෙයයි. නිවෙසක් සැලසුම් කරද්දී ඒ ඒ කාමර සැකසිය යුත්තේ එම කාමරයෙන් සිදුවන කාර්යය වඩාත් පහසුදායි අන්දමින් කරලීමටයි.

 

නිදන ඇඳට ප්‍රමුඛත්වය

ඒ අනුව මාස්ටර් බෙඩ්රූම් හි මූලික අරමුණ වන්නේ සුවපහසු නින්දක් කරා යෑමට එය සකස්විය යුතුවන්නේ කෙසේද යන්නයි. මාස්ටර් බෙඩ්රූම් හි ප්‍රධානම ගෘහ උපකරණය නිදන ඇඳයි. ඇඳ, අල්මාරිය, කණ්ණාඩි මේසය යන සංකල්පය දැන් බොහෝ දුරට ඈත් වෙමින් පවතී. ඒ වෙනුවට වර්තමානයේ ගෘහ අභ්‍යන්තර අලංකරණයට අනුව යමින් ගෘහ උපකරණ ස්ථානගත කරන්නේ නිදන කාමරයේ දී මානසික සැහැල්ලුව වඩවා ගත හැකි පරිද්දෙනි. අල්මාරි, රෙදි වැට හෝ එවැනි කිසිම දෙයක් පිටතට පෙනෙන පරිදි සකසන්නේ නැත.

Ward robes හෝ Walk-in closets
 

බිත්තියටම සැකසූ රාක්ක හෝ එවැනි වෙනත් රාක්කවල රෙදි අසුරා නමා තැබීම එල්ලා තැබීම යනාදිය සිදුකරයි. මේවා තල්ලු කළ හැකි දොරවල් හෝ පියන් ලෙසින් ඇරිය හැකි දොරවල් ලෙස සකසයි. Ward robes යනු මේවායි. තවත් සමහරු නිදන කාමරයේම කොටසක් වෙන් කොට වෙනමම දොරක් දමා එතැන ඇඳුම්, සපත්තු ආදි දේ අසුරා තබයි. Walk-in closets යනු මේවායි.

 

උපදෙස් ප්‍රවීණ

ගෘහ අලංකරණ ශිල්පිනී

ආචාර්ය දිලිනි හල්විටිගල

 

2020/10/07 තරුණි පුවත්පත බලන්න.