දෙවැන්නාධිපති සිටින රාශිය අනුව පලාපල

පෙබරවාරි 20, 2019

දෙවැනි භාවය කුටුම්භ ස්ථානය මෙන්ම ධනස්ථානය හැටියට ද හඳුන්වයි. රන්, රිදී, මුතු, මැණික්, ස්වර්ණාභරණ, ධනය, චංචල, නිශ්චල දේපල, අයිතිවාසිකම් උරුම හිමිකම් ද ශරීරයේ ස්ථාන වශයෙන් මුහුණ, නාසය.

දකුණු ඇස ද අඹුදරුවන් ගැන මෙන්ම දෙවැනි විවාහය ගැන ද කියැවෙන දෙවැනි භාවය මාරක ස්ථානයක් හැටියට ද සලකයි.

දෙවැන්නාධිපති ලග්නයේ තැන්පත්වූවිට ධනවත්වීමට ඉඩ තිබේ. අනුන්ට අත නොපා ජීවත්වීමට කටයුතු සලසා ගනී. බොහෝවිට ස්වකීයයන් සමඟ සම්බන්ධකම් අඩුවිය හැකියි. කාමුකගති ඇතිවිය හැකියි. විවාහය උසස් තත්ත්වයේ එකක් වීමට ඉඩ තිබේ. හත අධිපති යෝගකාරක ග්‍රහයින් සමඟින් යෙදී ඇත්නම් එලෙසම වේ. දෙවැන්නාධිපති දෙවැන්නේම තැන්පත් නම් ප්‍රසන්න පෙනුමක් ලබයි. තැන්පත් ධනයක් තිබිය හැකියි. එඩිතර ගති ඇතිවේ. බොහෝවිට මුදු

මොළොක් කතාබහ ඇති වේ. දෙවැන්නාධිපති තුන්වැන්නේ තැන්පත් නම් ලෝභ කෙනෙක් වීමට ඉඩ තිබේ. උගත් ගුණවත් සහෝදරාදීන් සමඟ සන්තෝෂයෙන් කටයුතු කරන, කාටත් උදවු

උපකාර කිරීමට කැමැති කෙනෙක් විය හැකියි. ආත්ම ගෞරවය ආරක්ෂා කර ගනී. සමහරවිට තමන්ට වඩා උසස් තත්ත්වයක කාන්තාවක් විවාහයට ලැබිය හැකිය. දෙවැන්නාධිපති හතර වැන්නේ නම් මවුපිය උරුම හිමිකම් ලැබිය හැකිය.

වැඩිපුර මවු පාර්ශ්වයේ ඥාතීන් සමඟ කුළුපග ඇසුරක්, හිතවත්කමක් පැවැතිය හැකිය. සමාජ සේවයේ යෙදුණ කෙනෙක් විවාහයට ලැබීමට ඉඩ තිබේ. දෙවැන්නාධිපති පස්වැන්නේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීමට හැකිවෙයි. අනුන්ගේ දුකට පිහිටවන කාගේත් සිත් දිනාගැනීමට හැකි කෙනෙක් විය හැකිය. ධනවත් විය හැකි අතර කාමුක ගතිද බලපෑ හැකිය. දෙවැන්නාධිපති හයවැන්නේ නම් තමන්ට සතුරුකම් කරන අය නිසා ධනය නාස්තිවීමට කරුණු යෙදිය හැකිය. සතුරන් හා ඝට්ටන ඇතිවීමට ඉඩ තිබෙන අතර කුජ ස්වක්ෂේත්‍රව උච්ච බල සහිතව යෙදී තිබුණහොත් සතුරන් පරාජය කළහැකි වෙයි. ගෝචරයෙන් දෙවැන්නාධිපතියා හයවැන්නේ යනවිට දේපල ඉඩකඩම් සම්බන්ධ ආරාවුල් යෙදිය හැකි අතර හයවැන්නෙන් ග්‍රහයා හත්වැන්නට යනතුරුම එම කරදර බලපෑමට ඉඩ තිබේ.

 

2019/02/20 තරුණි බලන්න.