කුජ + ශුක්‍ර යෝගය ජීවිතයට බලපාන අයුරු

අප්‍රේල් 24, 2019

ඡ්‍යෝතිෂයේ සඳහන් වන ආකාරයට කුජ ලේවලට, රණකාමීත්වයට, පරිපාලනයට, ක්‍රීඩාවන්ට අධිපතිකම් දරනු ඇත. ශුක්‍ර කාමයට ලෞකික(භෞතිමය) සැප සම්පත්, මානසික සතුට, කලාව, සෞන්දර්යය පැතිකඩ නියෝජනය කෙරේ. කුජ ශුක්‍ර යෝගය තරුණ දිවියට බලපාන අන්දම ගැන අද අපි කතා කරමු.

 

ග්‍රහලොව සුරතලිය සිකුරුය. චණ්ඩියා කුජයි. මේ දෙදෙනාම ලෞකිකමය පැතිකඩට පමණක් සීමා වූ කෙළවරක් නැති ආසාවන්ගෙන් පිරුණු ග්‍රහ තාරකා දෙපළකි.

තරුණියක් රවටා ගැනීමට තරුණයකුට හැකියාව ලැබෙන්නේ කුජගේ බලවත්කම මතය.

රුධිරයට අධිපති කුජ (අඟහරු) අනුකම්පා විරහිත අණසක පතුරවන ස්ත්‍රීන් රවටාගැනීම, දූෂණය මෙන්ම අයුතු සම්බන්ධතා ඇතිකර ගැනීමට නිතර මාන බලයි.

අන්‍ය ග්‍රහයන්ගේ හොඳ නරක මත කුජ ක්‍රියාකරනු ඇත.

කුජ සිකුරු ග්‍රහ සංයෝගය බලපාන රාශීන්වලදී විවිධ අයුරින් ක්‍රියාත්මක වන්නේය. 1-4-7-10 යන තැන්වලදී විශේෂයි. ලග්නයේ කුජ ශුක්‍ර සිටීම හරහා ඔහුගේ හෝ ඇයගේ මානසික හැසිරීම් රටාව කාම සෞන්දර්යාත්මක පැතිකඩක් ඇසුරු කරන තැනට පත්වේ.

එය දෙදෙනාගේම එක්වීමේ මහඟු ප්‍රතිඵලයකි.

විශේෂයෙන්ම බුධගේ පෙනීම කුජ හා ශුක්‍රට යෙදුන විට කලාත්මක පැත්තට නැඹුරු වේ.

ග්‍රන්ථකරණය, පුවත්පත් කලාව, මාධ්‍ය, මුද්‍රිත හා විද්‍යුත් අංශයන්ට වඩාත්ම නැඹුරු වේ.

කුජ, ශුක්‍ර, මේෂ, වෘෂභ, තුªලා, වෘශ්චික, රාශිවලටත් මකර කටක, කන්‍යා රාශි හැර වෙනත් රාශියක වූයේ නම් උඩින් කෙසේ වෙතත් යටින් පිරිමියකු අයථා සම්බන්ධකම් රැසක්ම ගොඩනඟා ගනී. එයට අති දක්ෂ වේ.

ඉඩකඩ ලද විට “අවසර ලදොත් තැන- පිරිමි, ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන” යන්නෙන් ක්‍රියාවට නැඟේ.

විවාහයෙන් එක් අයකුගෙන් සෑහීමකට පත් නොවේ.

බුධ සඳු යෝග වී නම් පරිවර්තන යෝග උදා වී ඇත්නම් අනිසි සබඳතා වහා ගොඩනඟා ගෙන අත්තනෝමතික ලෙස ස්ත්‍රී දූෂණයට පෙළඹේ. නීතියෙන් ද ගැලවේ.

කුජ, ශුක්‍ර, කන්‍යා වේ නම් ස්ත්‍රීන් ගැන නිතර සිතන උම්මත්තකයෙකි.

සේවනයේ දුර්වලතා ඇතත් නිතරම කාන්තාවන් ගැනම සිතයි. ඔහු ලෝචන කාම රෝගියෙකි.

සිය වැඩකටයුතු අසාර්ථකත්වයට පත්කර ගනී.

බුධ, කන්‍යා හෝ මිථුන රාශියක සිට රවිට දෙපැත්තේම ශුභ වීම කාමය අවුස්සා පොත පත ලිවීමට සමත්ය. ස්ත්‍රීන්ගේ සිරුර ගැන ශෘංගාරාත්මක සිතුවිලි ගලා ඒවි.

මානසික රෝගද සෑදේ.

ස්නායු දුර්වලවීම නිසාම මිය යනු ඇත. අකාලයේ කුජ, ශුක්‍ර, ශනි සමඟ වීම තම චරිතය හානිකර ගනී. විශේෂයෙන්ම කාන්තාවකට යෝග්‍ය නොවේ. ඉතාම අසුබයි.

කුජ-ශුක්‍ර-රාහු-රවි මෙම චතුර් ග්‍රහයෝගය ඇතිව මකර රාශියේ විශේෂයෙන් යෙදීමෙන් තම සැමියාගෙන් සතුටට පත්නොවී වෙනත් සබඳතාවයන්ට වහා එක්වේ.

මේ කාන්තාව කාමශක්ත පෙනීමකින්ද යුක්ත වන්නීය. උගත්කම, රූමත්කම, ධනවත්කමින් පොහොසත් වුවත් තමාට නොගැළපෙන අයකු වුවද සබඳතාවලට යොමුවන්නීය. ජීවිත අන්ධයෙකි.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

කලාභූෂණ, දේශබන්ධු

හෙන්රි බෙම්මුල්ල

2019/04/24 තරුණි බලන්න