ලග්න පලාපල

පෙබරවාරි 5, 2020

උත්සව අවස්ථාවක්

මේෂ

අමතර වගකීම් කීපයක් වෙනුවෙන් වෙහෙසවීමට සිදුවන සතියකි. අලුත් ඥාති හිතවත්කම් ඇති වුවත් ඒවාට බාධා වන අන්දමේ කටයුතු කීපයක් මතුවන කාලයකි. විශේෂ ගමනක් වෙනුවෙන් සහභාගීවීමට අවස්ථාව උදාකරයි. එසේම ඔබට නැතිවූ දෙයක් නැවත ලබාගැනීමට අවස්ථාව උදා වේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අතර වෙනත් ආදායම් මාර්ග ලැබෙන සතියකි. ප්‍රමාද වූ විදෙස් ගමනකට බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙනේ. පවුලට අලුතින් සම්බන්ධවන කෙනකු නිසා කරදරකාරී තත්ත්ව ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගීවීමට කටයුතු සැලසේ.

 

කකුලේ වේදනාවක්

වෘෂභ

විශේෂ ආදායම් කීපයකට මඟ සැලසෙන සතියකි. හදිසි ගනුදෙනු කීපයකට අත ගැසීමට සිදුවන කාලයකි. නමුත් උත්සාහයේ තරමට ලැබෙන ප්‍රතිඵල අඩුය. හදිසියේ හටගන්නා කකුලේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වේ. පියපස ඥාතියකු හේතුවෙන් වෙහෙසී වැඩකරයි. ගේ දොර ඉදිකිරීමේ අදහසක් කල් දැමීමට සිදුවන සතියකි. හදිසියේ තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවකට ඉඩ සැලසෙන සතියකි. රැකියාවේ වැඩ කටයුතුවලට ඇවිදීමට සිදුවන කාලයකි. නීති කටයුතුවලින් සහන බලාපොරොත්තුවන සතියකි. පවුලේ කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වේ.

 

නීති කටයුතු ශූභ වේ

මිථුන

ලැබීම් අතින් යහපත් සතියකි. උසස් අධ්‍යාපන කටයුතුවලට යහපත් සතියක් වන අතර ගණිත අංශයේ ඉගෙනුම ලබන අයට විශේෂ ජයග්‍රහණ හිමිවන සතියකි. වරින්වර මුදල් වැය වන අන්දමේ හේතු කීපයක් සිදුවන කටයුතු සැලසේ. තනතුරු මාරුවක් සිදුවිය හැකි සතියක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර නිවෙසට යන එන අය පිළිබඳ විමසිලිමත් වියයුතු කාලයකි. නීති කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකය. අන්සතු වස්තුලාභයක් වෙනුවෙන් ද වෙහෙසී වැඩ කරයි. සති අන්තයේ ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසේ. පවුලට අලුතින් සම්බන්ධවන කෙනකු නිසා කටයුතු කීපයක් වෙස් කිරීමට සිදුවේ.

 

වාසි කීපයක් හිමි වේ

කටක

වෙනදාට වඩා සිතේ නොසන්සුන් තාවයකින් කටයුතු ආරම්භ වන සතියකි. යොදාගත් කටයුතු කීපයක් වෙනස්කිරීමට සිදුවේ. නිතර යන එන ගමන් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. නිතර මුදල් වැය වන අන්දමේ කරුණු කීපයක් සැලසේ. හදිසියේ වැටීම් කැඩීම් ඇතිවිය හැකි අනතුරුදායක සතියකි. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන සතියකි. විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමෙන් වාසි කීපයක් සැලසේ. ආගමික කටයුතු සඳහා වෙහෙසී වැඩ කරන කාලයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සති අන්තයේ දී පවුලේ අය සමඟ දුර ගමනකට මඟ සෑදේ.

 

දරුවකු නිසා දෝෂාරෝපණයක්

සිංහ

ප්‍රමාද වූ ගනුදෙනුවක් යථා තත්ත්වයට පත්කර ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතු කාලයකි. නමුත් මුදල් ගනුදෙනුවලට වෙනදාට වඩා කල්පනාකාරී වන්න. දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වැඩකිරීමට සිදුවන කාලයකි. පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ.

පියා හෝ පියපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් ඇපකැප වී වැඩකිරීමට සිදු වේ. දරුවකුගේ හිතුවක්කාර වැඩ පිළිවෙළක් හේතුවෙන් තමාට දෝෂාරෝපණ ඵල්ල කරයි. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් ගැටලුදායක තත්ත්වයක් දුරදිග යයි.

 

කකුලේ ආබාධයක්

කන්‍යා

ආරම්භක සතියේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට කටයුතු සැලසෙන සතියකි. පවුලේ කෙනකුගේ උදවු උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකියාව සැලසේ. උස් ස්ථානවලට සම්බන්ධව කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න.

තම වාසියට වඩා උදවු උපකාරවලට තැනදී කටයුතු කරන සතියකි. නිවෙසට නිතර යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වීම යහපත් කරයි. හදිසියේ සිදුවන කකුලේ අපහසුතාවකට ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

එසේම පැරැණි හිතවත්කම් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. වරින්වර ආගමික පිහිට පතන කාලයකි. සති අන්තයේ දී පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසේ.

 

මුදල් වැයවීම්

තුලා

තුලා රාශි ඔබ ස්වකීය උත්සාහයෙන් කටයුතු කරන සතියකි. රැකියා කටයුතුවලට තරමක් දුරට බාධාකාරී තත්ත්වයක් ඇති කරයි. මිල මුදල් ලැබීම් අතින් යහපත් වුවද ගේදොර කටයුතු වෙනුවෙන් නොසිතු මුදලක් වැයකිරීමට සිදුවන සතියකි. උදරාශි‍්‍රත රෝගයක් සම්බන්ධව ප්‍රතිකාර ගැනීමට සිදු වේ. විටින් විට අනපේක්ෂිත ගැටලු කීපයකට මැදිවීමට ඉඩ ඇත. දේපල සම්බන්ධ ගැටලු පැන නඟින කාලයකි. විශේෂ කෙනකුගේ හමුවක් සිදුවීමට නියමිත ය.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

 

2020/02/05 තරුණි බලන්න