ලග්න පලාපල

පෙබරවාරි 19, 2020

සතියේ රාහු කාලය

දිනය දිවා රාත්‍රී

පෙබ. 17 සඳු දින - උදේ 7.56- උදේ 09.26 දක්වා - රාත්‍රී 7.52 - රාත්‍රී 09.23 දක්වා

පෙබ. 18 කුජ දින - පාන්්දර 03.25 - පාන්දර 04.56 දක්වා - සවස 03.23- සවස 04.53 දක්වා

පෙබ. 19 බුධ දින - පාන්දර 12.24 - පාන්දර 01.55 දක්වා - දවල් 12.24 - දවල් 01.54 දක්වා

පෙබ. 20 ගුරු දින - පාන්දර 01.54 - පාන්දර 03.25 දක්වා - දවල් 01.53 - සවස 03.23 දක්වා

පෙබ. 21 කිවි දින - උදේ 10.54- මධ්‍යම රාත්‍රී 12.24 දක්වා - රාත්‍රී 10.53 - රාත්‍රී 12.24 දක්වා

පෙබ. 22 ශනි දින - උදේ 09.25 - උදේ 10.55 දක්වා - රාත්‍රී 09.23 - රාත්‍රී 10.54 දක්වා

පෙබ. 23 රවි දින - පාන්දර 04.54 - උදේ 06.25 දක්වා - සවස 04.53 - සවස 06.23 දක්වා

 

පවුලේ ගැටළු මඟහැරේ

මේෂ

තරමක් අවිවේකී සතියකි. ලැබීම් අතින් යහපත් වේ. තරමක් ඇවිදිලි ඇති කරයි. මෙතෙක් පැවැති පවුලේ ගැටලුකාරී බව මඟහැරී යයි. පවුලේ කෙනකු හා ගනුදෙනුවක් සිදුකර ගන්නා සතියකි. නිතර තමා හමුවට එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් ගේ දොර ඉදිකිරීම් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට මඟ සැලසේ. නිතර නිතර ඇතිවන ශාරීරික අප්‍රාණික ගති හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු වේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකි බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් ප්‍රවේසම් වන්න. හදිසියේ සිදුවන බහින්බස්වීමක් දුරදිග යාහැක. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් අසන්න ලැබේ.

 

දේපළ ගැටළුවක් විසඳේ

වෘෂභ

යොදාගත් සැලසුම් කීපයකට බාධාගෙනදෙන අතර විශේෂ සැලසුමකට අතගැසීමට අවස්ථාව උදාවන සතියකි. ගේ දොර උත්සව අවස්ථාවක් පිළිබඳ වෙහෙසීම් වැඩිවන කාලයකි. හදිසි ආදායම් මාර්ගයක් වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. නිවෙසේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාව සම්බන්ධව මෙතෙක් ඇතිවී තිබූ පීඩාකාරී ස්වභාවය මඟහැරී යන කාලයකි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උනන්දුවක් දැක්විය හැකි කාලයකි.

 

මිතුරකුගෙන් උපකාර

මිථුන

තරමක් අවිවේකී සතියකි. තැන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයකට අවස්ථාව සැලසේ. වරින්වර පීඩා ගෙනදුන් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. අඹුසැමි මතගැටුම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. ලැබීම් අතින් යහපත් වුවත් හදිසි මුදල් වැයවීම්වලට ද කටයුතු බොහෝ යෙදේ. සති අන්තයේ දී පවුලේ උත්සව අවස්ථාවකට සහභාගීවීමට මඟ සැලසෙනු ඇත. ආගන්තු සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

 

 

2020/02/19 තරුණි බලන්න