ලග්න පලාපල

පෙබරවාරි 26, 2020

සිත් නොහොඳකමක් මඟහැරේ

මේෂ

වෙනදාට වඩා අවිවේකී වේ. පවුලේ සතුට සමාදානය වෙනුවෙන් පියවර කීපයක් විශේෂයෙන් ගනු ලබයි. එමෙන්ම පවුලේ වගකීම් තමා මත පැටවෙන කාලයකි. වැඩිහිටියකු සම්බන්ධව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. අතමිට මුදල් ගැවසීම යහපත් වුවත් වියදම වැඩිවන බැවින් කල්පනාකාරී වන්න. හදිසියේ සිදුවන මුදල් ගනුදෙනුවකින් තමාට වාසි අත්කරයි. දරුලාභ හිමි කාලයක් බැවින්, ඒ පිළිබඳ උනන්දු වන්න. නිතර දේව ඇදහිලිවලට සිත යොමුවන බවක් පෙනේ. අඹුසැමි සිත් නොහොඳකමක් මඟහැරී යයි. වාහන හුවමාරුවක් වෙනුවෙන් උනන්දුව දක්වයි.

 

විශ්වාසය බිඳ වැටීම්

වෘෂභ

හිතුවක්කාරය හේතුවෙන් තමාට අවාසි අත්වන සතියකි. අලුත් ඥාති මිත්‍රාදීන් හඳුනාගැනීමට කටයුතු සැලසේ. රැකියා කටයුතුවල පැවැති බාධාකාරී තත්ත්ව මඟහැරී යයි. එමෙන්ම ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ රැකියා හිමිකම් බලාපොරොත්තු විය හැකි කාලයකි. විවාහ පොරොන්දුවකට බාධා ගෙනදෙයි. තමා ළඟින් ඇසුරුකරන අයකු නිසා සිත් කලකිරීමක් හටගනී. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් දුරදිග යන කාලයකි. සති අන්තයේ දී විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් යෙදේ.

 

අමතර මුදල් වැයවීමක්

මිථුන

ලැබීම්වලට බාධාගෙන දෙන අන්දමේ කරුණු කීපයක් ඇතිකරන සතියකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසේ. එමෙන්ම පවුලේ කෙනකු වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමට ද සිදුවේ. හදිසි ගමනකට සහභාගී වීමට අවස්ථාව උදා කරයි. තමාට වැඩි වගකීම් කීපයක් දැරීමට සිදුවේ. දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට වැඩිහිටි සහය පතයි. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් කරයි. එමෙන්ම තම කීර්තිනාමයට හානිවන අන්දමේ කරුණු කීපයක් සැලසෙනු ඇත. රැකියා ස්ථාන සම්බන්ධව ඇතිවන කරුණු හේතුවෙන් සිත් කලකිරීමක් හටගනී.

 

ලැබීම් අතින් යහපත්

කටක

ලැබීම් අතින් යහපත් සතියකි. පවුලට අලුත් ඥාාතියකු සම්බන්ධවීමට ඉඩ ඇත. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සූදානම් වන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති අසනීපකාරී බවක් මඟහැරී යන කාලයකි. තමා ළඟින් ඇසුරුකරන අයකු සමඟ සිත් කලකිරීම් හට ගනී. තනතුරු මාරුවක් හේතුවෙන් සිත් නොසන්සුන්තාවයක් හටගනී. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. වාහන ගමන්බිමන්වලින් ඔබ සැලකිලිමත් වන්න. උරුම හිමිකමක් පිළිබඳ ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවේ. දරුවකුගේ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.

 

වාසස්ථාන මාරුවක්

සිංහ

පවුලේ පැවැති කරදර කීපයකින් නිදහස සැලසෙන සතියකි. යුග දිවියේ කටයුතු කීපයක් යහපත් වන අන්දමේ හා ගැටලු විසදෙන අන්දමේ කරුණු කීපයක් යෙදේ. පවුලට අලුතින් සම්බන්ධ වන කෙනකු නිසා කටයුතු කීපයක් වෙනස් කරයි. සිතේ පවතින නොසන්සුන්තාවය හේතුවෙන් සැලසුමක් අවුල්කර ගනී. වාසස්ථාන මාරුවක් සිදුවිය හැකි සතියකි. ග්‍රන්ථ කතුවරුන්ට යහපත් කාලයක් බව පෙනේ. කෙටි ගමන් බහුල වන අතර අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට ද සිදුවේ. අසල්වැසි ආරවුලක් හෝ ඉඩම් හබයක් දුරදිග යාමට ඉඩ ඇති සතියකි.

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී චින්තා වික්‍රමසිංහ

2020/02/26 තරුණි බලන්න.