ලග්න පලාපල

මාර්තු 10, 2021

 

මේෂ ලග්නය

රැකියා ප්‍රතිලාභ

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයත් සමඟ රැකියාගත අභිවෘද්ධිය උදාවේ.

ආර්ථික ප්‍රතිලාභද ඒ සමඟ හිමිය. පිටරට යෝග තත්ත්වයක් හෝ ව්‍යාපාර පලදෙන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ගෘහ ජීවිතය සතුටුදායක මෙන් අන් අයගේ ප්‍රසාදය සහයෝගය ලැබේ.

ඔබ කරන ආයෝජනයක ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගන්නා සතියකි. දණහිස ආශ්‍රිත උවදුරු පවතී. ප්‍රවේශම් වන්න.

වෘෂභ ලග්නය

ආර්ථික ජයග්‍රහණ

වෘෂභ ලග්නයට අනුව ඉතාම වාසනාවන්ත සතියකි. විශේෂයෙන් තම පෙර පිං මතු කරනු පෙනේ.

තමාට අහිමිව තිබූ තමාගෙන් ඈත්වී තිබූ උරුමකම් හිමිකම් ලැබෙන්නට පටන් ගනී. තම ඥාති පාර්ශ්වයෙන් සහයෝගය ලැබේ. ආගමික කටයුතු රැසක නියැලෙනු ඇත. තම ආත්මාර්ථය පසෙකලා පොදු කටයුතු හා පිටස්තරයින්ගේ සුඛ විහරණය වෙනුවෙන් කැප වෙනු ඇත. ආර්ථික අතින් බොහෝ දෙනෙකු තමාට සහයෝගය දෙනු ඇත.

මිථුන ලග්නය

හදිසි අනතුරු

 

මිථුන ලග්නයට අනුව සතිය ආරම්භයේ හදිසි අනතුරු තත්ත්වයක් පෙනෙන්නට තිබුණත් සතිය මැදභාගයේ සිට දිගටම සුබවෙයි.

තම ජීවන කටයුතු කෙරේ බාහිර පුද්ගල පිරිසක් වෙතින් බාධක පැන නැගුණද ඔබගේ ඉවසීමේ සීමාව මත සහනය උදාකර ගතහැක.

තමාගේ පිළිසරණයට සිටි කලක් ඇත්ව සිටි අය නැවත ඔබකරා පැමිණේ.

ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක ලග්නය

මංගල යෝජනා

කටක ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා යහපත්ය. චන්ද්‍රයා 07 වැන්නේ සිට ගමන් අරඹන මෙම සතිය ආරම්භ වන්නේ මංගල කටයුත්තකට එනම් ඔබ අවිවාහකනම් මංගල යෝජනාවක්ද සමගිනි.

අඩුම තරමින් මෙම සතිය තුළ මංගල උත්සව කීපයකට හෝ සහභාගි වීමට ඔබට සිදුවේ.

සිතේ සතුට සමාදානය රජයන සතියකි. ආර්ථික අතින් විය පැහැදම් අධික සතියකි. එහෙත් ලැබීම් අතින්ද සතුටුදායක වෙයි.

සිංහ ලග්නය

හිතවතුන්ගේ ඈත්වීමක්

සිංහ ලග්නයට අනුව ඔබට මෙම සතිය ආරම්භය යටි බඩ ආශ්‍රිත උවදුරක් පෙනෙන්නට තිබේ.

තමා ගන්නා ආහාරයක් හේතුවෙන් අගුණ සහගත තත්ත්වයක් උදා වුවද සතිය මැද භාගයෙන් පසු එය සමනය වනු ඇත.

කෙසේ නමුදු සහායට සිටින අය වෙතින් විරෝධතා එල්ලවන තත්ත්වයක් මතු කෙරෙන නිසා කා සමඟත් සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දු වන්න.

කන්‍යා ලග්නය

බොහෝ අයගෙන් ඇප උපකාර

කන්‍යා ලග්නයට අනුව ඔබට විශේෂ සතියක් වන මෙය දරු සම්පත් මතුකෙරෙනු ඇත. දරුවන් නොමැති අයට වුවද දරුවකු හදාවඩා ගැනීමට අවශ්‍ය නීතිමය ගැටලු විසඳී එම වාසනාව උදාවනු ඇත.

ආර්ථික ලෙසින්ද බොහෝ දෙනෙකුගෙන් ඇප උපකාර ලැබේ.

ඔබ කලාකාමී අදහස් දරන හා කලා කටයුතු කෙරේ යොමුව සිටින අයකුනම් ඒහා සම්බන්ධ කටයුතු සාර්ථකවේ.

 

 

තුලා ලග්නය

සාර්ථක ව්‍යාපාර පල

තුලා ලග්නයට අනුව ඔබට ඉතා වාසනාවන්ත සතියක ආරම්භයක් ලැබේ.

තම අදහස් උදහස් ක්‍රියාවට නැංවීමට හැකිවේ. වාහන ඉඩම් නිවාස හිමිකම් පෙන්වයි.

රැකියා ස්ථානයේ හිතවතුන් සමඟ විනෝදගමනක් යෙදේ. ඒ අතර තම ව්‍යාපාරික කටයුත්තක් සාර්ථක කෙරෙන විශ්වාසවන්ත පිරිසක් තමාට සහයෝගයට පැමිණෙනු ඇත.

වෘෂ්චික ලග්නය

නඩු කටයුත්තකින් ජය

 

වෘෂ්චික ලග්නයට අනුව මෙම සතිය තමාට කලක් කනස්සල්ලක්ව පැවැති නඩු තීන්දුවක් තමාගේ වාසියට පෙරළෙන බවක් පෙනේනනට තිබේ. තමා කරගෙන ආ කටයුතු අඩාලවී තිබී යළි පණගැන්වෙන බවක් පෙනේ. තමා අසල්වාසී පිරිස් තුළින් සහයෝගය ලැබෙන අතර බොහෝ අභියෝග ජය ගැනීමට හැකිවන පසුබිමක් වැටේ. උරහිස ආශ්‍රිත කිසියම් අනතුරු සහගත තත්ත්වයක් පෙන්වන නිසා ප්‍රවේශම් වන්න.

ධනු ලග්නය

ජාත්‍යන්තර ජයග්‍රහණ

ධනු ලග්නයට අනුව මෙම සතිය ඉතා වාසනාවන්ත වේ.

අර්ථික ප්‍රතිලාභයකට හේතුයි. ලොතරැයි ජයග්‍රහණ හා තම ධනස්ථානගත අභිවෘද්දියට හේතුවේ. තම සහකරු හෝ සහකාරිය වෙතින් ලැබෙන නොබිඳෙන අත්වැල නිසා බොහෝ අධිෂ්ඨානයෙන් ගමන් කළ හැකි සතියකි.

ජාත්‍යන්තර ජයග්‍රහණයකට පවා හේතුවෙයි. තම ප්‍රදේශවාසින් වෙතින් ගෞරවාදරයට පාත්‍ර වන සතියකි.

මකර ලග්නය

නිර්මාණශීලී හැකියාව ඔප් නැංවේ

මකර ලග්නයට අනුව චන්ද්‍රයා 01 වැන්නෙන් ගමන් අරඹන මෙම සතිය ඉතා ජව සම්පන්න ලෙස ඇරැඹෙන සතියකි. සිතේ සතුට නිසාම බෙහෝ අමතක කර දමා තිබූ නිර්මාණ කටයුතු නැවත ආරම්භ කෙරෙන සතියක් මෙන්ම අන් අය සමඟ සහෝදරත්වයෙන් කටයුතු කෙරෙන සතියකි.

ආර්ථික ප්‍රතිලාභ හා ව්‍යාපාරික දියුණුව උදා කෙරනු ඇත.

කුම්භ ලග්නය

මතභේදකාරී සතියකි

කුම්භ ලග්නය හිමි ඔබට විශේෂයෙන් සතිය ආරම්භයේ දුර බැහැර ගමනකට හේතුවන අතර ශාරීරික තෙහෙට්ටු ගති නිසා කටයුතු රැසක් අතරමඟ නතර වනු ඇත.

තමාට අත්උදව්වට සිටි අයගෙන් ඈත්වීමට හේතුවන මතබේදයක් දුරදිග යනු ඇත. ඉවසීමෙන් කටයුතු කළහොත් බොහෝ ගැටලු විසඳාගත හැක.

සතිය මැදභාගයේ සිට ඉතා සුබවාදී වෙයි.

මීන ලග්නය

හදිසි ධන සම්පත්

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය ආර්ථික ප්‍රතිලාභයක් සමඟ සතිය උදාවේ. පිටරටක සිටින තම ඥාතියකුගෙන් ඇප උපකාර මූල්‍යමය ප්‍රතිලාභ ලැබෙන සතියකි.

පාදයේ වළලුකර ආශ්‍රිත උවදුරු පෙනෙන්නට ඇති නිසා කල්පනාකාරී වන්න.

කලාකාමී අදහස් දරන අයවලුන් කීප දෙනෙකු නිසා තමාද ඒ අංශ කෙරේ යොමුවනු ඇත. හදිසි ධන සම්පත් හිමිවනු ඇත.

 

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි