කතා කරන ඇස් ඇගේ ජීවිත කතාවම හෙළිකරයි

ඔබත් ඇගේ දෙනෙත්වලට වශී වුණ අයෙක්ද?
ජූලි 28, 2021

“හේෂාට තියෙන්නෙ කතා කරන ඇස්. හරියට බෝනික්කියක් වගේ...“

ලාවන්‍යා හිනාවෙන්නෙ ඇස් දෙකෙන්. එයා හරිම ලකී.“

මෙවැනි වර්ණනා ඔබ කෙතෙකුත් අසා ඇති. කෙනෙකුගේ ඇස් දෙස බලා අනාවැකි පල කළ හැකි බව ඔබ දන්නවාද? ඇතැම් විට ඇගේ මුළු ජිවිත කතාවම ඇස්වල ලියවිලා තිබේ. අප කෙනකු දෙස බලද්දී මුලින්ම අපේ නෙත ගැටෙන්නේ ඒ කෙනාගේ දෙනෙතයි.

මේ නිසා දෙනෙතේ පිහිටීම අනුව, බැල්ම අනුව ඒ පුද්ගලයාගේ ගතිගුණ කෙබඳුදැයි හඳුනාගත හැකිනම් කොයිතරම් වටීද?

අද අප සිරුරේ භාෂාව ලිපියෙන් ගෙන එන්නේ කෙනකුගේ දෙනෙතේ ස්වභාවය අනුව ඇයගේ ජීවිතය කතාවයි.

මෙය විශේෂයෙන්ම පිරිමි ඔබට ඔබේ අනාගත සහකාරිය තෝරා ගැනීමේදී වඩාත් ප්‍රෙයෝජනවත් වේවි.

අගින් දිගැති කලාත්මක දෙඇස් ඇත්නම් දිගාසිරි හිමියි. නීල වර්ණයෙන් යුක්ත නම් නිරෝගී සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වේ. ඇය භාග්‍යමත්ය. අන් අයගේ සිත් වහා වශීකර ගනී.

රූමත් බව කියාපාන ඇගේ නෙත් පහරින් මුළු ජිවිතයක්ම වෙළා ගනී.

ඇස් පිහාටු දේදුණු හැඩයෙන් යුක්ත වේ නම් වාසනාවන්ත වේ. ජීවිතය ජයගනී. නායකත්වය හිමි වේ. පිරිපුන් දිවියක් ගෙවීමට භාග්‍යය උදාවේ.

රන් පැහැති රවුම් හැඩැති දෙනෙත් නම් කාමරාගී පෙනුමක් හා ක්‍රියාවක්ද හිමිවේ.

තරුණ වියට පා තබත්ම විවිධ සබඳතා ගොඩනගා ගන්නා මෙවැනි අය වහා වරදේ බැඳෙන්නට ඉඩ ඇති අතර, මෙවැනි අය සමඟින් බොහෝවිට යුග දිවියක් රිසිවත්ව ගෙනගිය නොහැකියි.

සිහින් දිගැටි නිල් පැහැති දිගු ඇස් පිහාටු හිමි නම් කලාවට දක්ෂයි. චිත්‍ර නාට්‍ය.

සංගීත හා ලේඛන කලාවෙහි නියැළේ. ප්‍රසිද්ධ නමක් හිමිවේ. මාධ්‍ය අංශයෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්වේ.

දෙනෙත් දුඹුරු පැහැතිව නහර ඉලිප්පී ගියේ නම් අධිකව දෙඇස් යටට ගිලී ඇත්නම් දුකෙන් කාලය ගෙවන අයෙකි. සම්පත් අහිමි කරයි. ගැටලුවලින් හිස පිරීගිය චරිතයකි.

සිතේ කිසිවිටෙක සැනසීමක් නැත. නපුරු ගති ඇති වේ. තමාගේ මනසට අනුව කටයුතු කර ප්‍රශ්න ඇතිකර ගනී.

ඇස්වටා කළු පැහැතිව ඇත්නම් සමහරු කියන්නේ සෙනසුරු අපලය කියාය. කෙසේ වෙතත් මෙවැනි ලක්ෂණයක් හිමිවීම අසුබයි. මුළු දිවියම ප්‍රශ්න වැලකි. එක ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී තවත් එක්ක එයි. ඒවා විසඳා ගැනීම අපහසු වේ. විවාහය ගිනිගොඩක් බඳුය. දරුවන්ගෙන් ද පීඩා ගෙන දේ.

සිනහවේදී ඇස් හැකිලේ නම් ආත්මාර්ථකාමි වංක අයෙකි. විවිධ විෂයන් ඉගෙනීමට දක්ෂයි. අන්අය රවටයි. තමාගේ වැඩ කටයුතු උපක්‍රමශීලීව කරගනී. ගනු මිස දෙනු නැත.

කොබෙයියකුගේ ඇස් ඇත්නම් නිතර චිත්තපීඩාවන්ට ගොදුරු වේ. දුක්කරදරවලට පටලැවේ.

ගිලුණු ඇස් තිබීම සුබ නොවේ. දිවියේ කිසිදු සතුටක් නොමැත. පව් කරයි. අන් අයගේ අප්‍රසාදයට පත්වේ. වෙහෙස වන තරමට ප්‍රතිඵල නොලබයි.

වපර ඇස් පිහිටීම අසුබවාදී නොවේ. වංක අදහස් ඇත. ප්‍රසන්න චරිතයක් නොවෙයි. සෞභාග්‍ය හීනයි. යුග දිවිය කටුක වේ.

ගව පැටවකුගේ හෝ මුව දෙනකුගේ දෙඇස් සේ නම් එය ඉතාම වාසනාවන්තයි. මුලදී දුප්පත් වුවත් පසුව සම්පත් හිමිවේ. බලවත් අයකු සමග යුග දිවියක් ගෙවයි. රාජ්‍ය තන්ත්‍රයේ උසස් නිලතල හිමිවේ.

ඉදිරියට නෙරාගිය විශාල ඇස් පිහිටා දෙබැම ගොරෝසු නම් අහංකාර බවේ මූලික ලක්ෂණයකි. දෙපක්ෂයටම මෙය නම් සුබ නොවේ. එවැනි අය සියල්ලම මුදලට යටත්කර ගනී. තද ආත්මාර්ථකාමීයි.

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී

ටී. හෙන්රි බෙම්මුල්ල