වංචාකරුවන්ට හසු නොවී අන්තර්ජාලයේ රැකියාවක් සොයා ගන්නා ක්‍රමය

දෙසැම්බර් 12, 2018

න්තර්ජාලය හරහා මුදල් ඉපයීම හා රැකියා කිරීම දැන් වඩාත් ජනප්‍රියයි. දිනපතාම මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට ලක්ෂ ගණනින් මුදල් සෙවිය හැකි එවැනි රැකියා අවස්ථා ගැන අසන්නට ලැබෙනවා.

හැබැයි මෙවැනි රැකියාවකින් දියුණුවුණු, මුදල් ඉපයූ කෙනෙක් නම් සොයා ගැනීම කළු නික සෙවීම හා සමානයි. නමුත් දිනපතාම විවිධ ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගැන දැන්වීම්වලනම් අඩුවක් නැහැ.

විවිධ ක්‍රම ඔස්සේ අන්තර්ජාලය හරහා නිවෙසේ සිට මුදල් ඉපයීම ගැන වැඩි උනන්දුවක් දක්වන්මෝ අපේ ගෘහණියෝ. Data Entry Operators, Freelancer, Translation, Teaching, Typing Online Juror, Seach Evaluator website or applicant Testing  මුදල් උපයන ක්‍රම ගැන නිරතුරුවම දකිනවා. මේ ක්‍රමයට ගෙදර ඉඳගෙන මුදල් උපයන්න පුළුවන් නම් කොයි තරම් අගේද කියලා හිතන ඇතැම් කාන්තාවන් මෙවැනි රැකියා සඳහා ලියාපදිංචි වෙන්නේ කිසිම සොයාබැලීමක් නැතිව.

හැබැයි මෙවැනි රැකියා අතර අපට මුදල් උපයන්න පුළුවන් ක්‍රමත් තිබෙනවා. මේ රැකියාවලින් මුදල් ඉපයීම අප සිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. අපේ රටේ මේ online  රැකියා ගැන මොන තරම් පාඨමාලා තිබුණත් මේ රැකියා මඟින් මුදල් ඉපයීමේදී අප නොසිතන ආකාරයේ ගැටලු මතුවෙනවා. ඇතැම් විට මෙසේ මුදල් ලබුණත් එම මුදල අපේ මහන්සියට සරිලන මුදලක් නොවෙයි. eBay, Amazon. Craigslist, Forex Treding, File Shairing, Vedio Uploding, Photo Uploding ක්‍රමයට මුදල් උපයන්න අපට හොඳ පරිගණක දැනුමක්, ඉංග්‍රිසි දැනුමක් වගේම ව්‍යාපාරික ඥානය පිළිබඳ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම අපි මේ කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයේම රටවල් හා සම්බන්ධවයි.

මෙසේ ලෝකය හා සම්බන්ධවීමේදී තරගකාරිත්වය වැඩියි. ඉන්දියාව, චීනය වැනි රටවල්වල මෙවැනි රැකියා සඳහා දැනුම ඇති බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන් සමඟ ලංකාව වැනි රටක් තරගකිරීම ඉතාම අසීරුයි. එසේම එවැනි රටවල සිටින වංචාකාරි කූට පුද්ගලයන්ගේ වංචාවන්ට හසුවීමට තිබෙන ඉඩකඩ වැඩියි. එසේම අපි සිතන තරම් පහසු කටයුත්තකුත් නොවෙයි. ඒ වෙනුවෙන් දවසේ පැය ගණනක් අප වැය කළ යුතුයි.

Online Job හා සම්බන්ධවීම

මෙසේ Online Job හා සම්බන්ධවීමට පෙර ඒ ගැන හොඳ අධ්‍යනයක් කිරීම ඉතාම වැදගත් . . .

2018/12/12 තරුණි පුවත්පත බලන්න