ජීවිතයම Facebook ද ?

මාර්තු 6, 2019

අද වන විට Facebook ගිණුමක් නැති කෙනෙක් නැති තරම්. පාසල් යන වයසේ ඉඳන් තරුණ, මහලු මේ මොන වයස් මට්ටමේ කෙනකුගෙන් අහල බැලුවොත් ඕනෑම කෙනකුට Facebook Account  එකක් තියෙනවා.

පාසල් යන වයසේ දරුවන්ට නම් මෙය කොහෙත්ම උචිත දෙයක් නෙවෙයි. තරුණ විය මෙන්ම වයස මුහුකුරා ගිය අයට නම් එය එතරම් ගැටලුවක් නොවුණත් ඔවුන් එය භාවිත කිරීමේ සීමාව හඳුනා නොගැනීම නම් අද අර්බුදකාරී තත්ත්වයක් බවට පත්වෙලා.

ඒ වගේම මේ වන විට තරුණ ජීවිත විශාල වශයෙන් විනාශ වීමට වගේම පවුල් අවුල් වීමට තරම් මේ ගැටලුව දුරදිග ගිහින්. Facebook Account  හරහා ගොඩනඟා ගන්නා සබඳකම් දුරදිග යෑමෙන් නිරපරාදේ අහිමි වූ තරුණ ජීවිත ගණන අපමණයි. පවුල් ජීවිත විනාශ කරගෙන පසුතැවිලි වෙන පිරිස් ද බහුලයි.

මෙයට ප්‍රධානම හේතුව Facebook Account  එකක් තිබීමම නොවේ. ඔවුන් එය පාවිච්චි කරන පරාසය හඳුනා නොගැනීමයි. විශේෂයෙන්ම නිවෙසේ රැඳී සිටින කාන්තාව කාලය ගතකිරීමේ මෙවලමක් ලෙස මෙය යොදාගෙන තිබීම නම් එතරම් සුබදායක නැහැ.

උදෑසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රියේ “Good Night” කියා selfie යක් uploard  කරන තුරුම තම දෛනික ජීවිතයේ සියලු අවස්ථා, තොරතුරු තම Account  එකට ඇතුළත් කරන පිරිස් බොහෝමයි.

තමන් ඉන්නෙ කොහේද? යන්නෙ කොහේද? කරන්නෙ මොනවද? මේ ආදී වශයෙන් තමන්ගේ එදිනෙදා තොරතුරු එසැණින්ම තම Facebook ගිණුමට එක් කරන්න ඔවුන්ට තියෙන්නේ පුදුම නොඉවසිල්ලක්. මෙන්න මෙතැනම තරයි වරද තියෙන්නේ.

 

තරුණි 2019/03/06 බලන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.