ඔබත් ජයග්‍රාහී කාන්තාවක් වන්න

ජූලි 22, 2020

 

ව්‍යසන, වසංගත කියන්නේ ස්වාභාවික දේවල්. කවුරුත් බලාපොරොත්තු නැති අවස්ථාවක මෙවැනි දේවල් වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් හමුවේ අපි ජීවිත බිඳ දමාගත යුතු නැහැ. තව තවත් ශක්තිමත් වී අනිත් අයට ද ජීවිතය කියාදෙන ගුරුවරියක වන්න ආදරණී කාන්තා ඔබට පුළුවනි. මේ ගෙවී යන කාලය එවැන්නකි.

ව්‍යසන තත්ත්වයකින් පසුව බහුතරයක් දෙනා මානසික ආතතිවලින් පෙළෙනවා. මාස කීපයක් නිවෙසටම, බෝඩිමට හෝ නිරෝධාන ස්ථානවල, රැකියා ස්ථානවල එකම විදිහට ඔබ සිරවී සිටියා විය හැකියි. එවිට මේ මානසික පීඩනය තවත් වැඩියි. මේ දේවල් කොහොම වුණත් අපේ මනස අපිම හදාගන්න ඕනේ. අපේ කල්පනාව නිවැරැදිව තියා ගන්න ඕනේ. සුව නින්ද නැතිවීමත් අපිව දුර්වල කරනවා. ඒ වගේම අසුබවාදී මනසත් අපිව දුර්වල කරනවා.

ඒත් මේ ව්‍යසන, වසංගත හමුවේ අපි ධනාත්මකව සිතන්නට ධනාත්මකව ජීවත්වන්නට සිතට ගත යුතුයි. කිසිම විටෙක අංග සම්පූර්ණ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න ඕනේ මේ වගේ අවස්ථාවලයි. අඩුපාඩුවලින් ජීවිත ගොඩනගා ගන්න. ඔබ සතුටු දේ කරන්න පෙලඹෙන්න.

පසුගිය දවස්වල කාන්තාවන් ගෙවල්වලට හිර වෙලා හිටියේ. ඒ නිසාම සමහර අයට ඔවුන්ගේ රූපලාවණ්‍ය කටයුතු නිසියාකාරව කරගන්න බැරි වුණා, සමහරු නිවෙසේ සිටින එකම ආශීර්වාදයක් කරගෙන ඔවුන්ගේ රූපලාවණ්‍ය කටයුතු සාර්ථකව කර ගත්තා, සමහරු මේ කිසි දෙයක් නොකර නිකම්ම හිටියා. ගොඩක් අය කෘත්‍රිම, රසායනික ආලේපනවලින් ඈත් වුණා, ස්වාභාවික දේට පුරුදු වුණා. හැමෝම සෝෂල් මීඩියා හරහා තම සමට ගැළපෙන නිෂ්පාදන, ස්වාභාවික සත්කාර, ආලේපන ක්‍රම ඉගෙනගන්න පෙලඹුණා. අලුත් දැනුම එකතු කර ගත්තා. සමහරු අලුත් දැනුමත් එක්ක අලුත් ක්‍රම එක්ක රූපලාවණ්‍ය ගැන තව තව උනන්දු වුණා, රූපලාවණ්‍ය ගැන සදහටම අමතක කරපු පිරිසකුත් හිටියා. කොණ්ඩේ පාට කරන එක නියපොතු පාට කරන එකෙන් ගොඩක් අය ඈත් වුණා.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

 

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.