විවේකී සති අන්තය රසවත් කරන්නට නිවෙසේදීම කොත්තු හදමු.

ජූලි 29, 2020

ටට, රසට කන්න අපි කවුරුත් කැමැතියි. ඒ නිසාම අම්මලා, නැත්නම් ගෘහණියන් විවිධ අමුද්‍රව්‍ය එකතු කරලා, විවිධ රසයට ආහාර පිළියෙල කරන්නට උනන්දු වනවා.

ඒකාකාරීව නිවෙසේ හදන කෑම වෙනුවට වෙනසකටත් එක්ක පිටතට ගර්‍ණඡ්හර්‍ණඡ්න් ආහාර ගන්නෙත් ඒ නිසයි. සමහර අවස්ථාවල කඩවල්වලින් මිලදී ගෙනැවිත් රස බලන්නත් කටයුතු කරනවා. ඔය කවුරු කොහොම කිව්වත් අපි කවුරුත් ඉඳහර්‍ණඡ්ට හෝ පිටතින් ආහාර ගෙනවිත් රස විඳින්න කැමැතියි. මේ විදිහට ඉඳහර්‍ණඡ්ට හෝ පිටතින් ගෙනෙන ආහාරයේ පෝෂණ ගුණය අවම වීම, කෘත්‍රිම රසකාරක එකතුකර තිබීම වාගේම පිරිසුදුබව කෙරහර්‍ණඡ් බොහෝදෙනකුට තිබෙන්නේ ගැටලුකාරී බවක්. ඒ නිසාම වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ආහාරයකට වඩා රසවත්ව, පෝෂණ ගුණයෙන් පිරුණු, වස විසෙන් තොරව, පිරිසුදුව සහ උණුසුම්ව ඔබේ අතින්ම පිළියෙලවන ආහාරයක රස බලන්න පවුලේ සාමාජිකයන් කැමැති ඇති.

විශේෂයෙන්ම නිවෙසේ දී සකස් නොකෙරෙන නිසාම පිටතින් ආහාරයට ගන්නා කොත්තුවක් රසට, ගුණට ඔබටත් සකසා ගත හැකි නම් කවුරුත් කැමැති වේවි. ඒ විතරක් නෙවෙයි විවිධ රසයට සකසා ගන්නා කොත්තු කිහර්‍ණඡ්පයක්ම මෙහර්‍ණඡ් සඳහන් නිසාම පවුලේ සාමාජිකයන්ගේ රස කැමැත්ත අනුව සකසා ගන්නත් පුළුවනි.

එහෙමනම් විවේකී සති අන්තයේ දී ඔබේ පවුලේ සාමාජිකයන්ට මේ විදිහට කොත්තු පාටියක් දීලම බලන්න ප්‍රතිචාර කොහොමද කියලා.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

නිර්මලා විජේරත්න

 

කොත්තුවට අවශ්‍ය රොටී

විවිධ රසයට කෑම හදන අපේ ගෘහණියන් නිවෙසේ දී කොත්තු නොසෑදුවා නම් ඇත්තටම ඒක පුදුමයක්.

ඒ මොකද දන්නවාද පසුගර්‍ණඡ්ර්‍ණඡ්ය කාලයේ ලැබුණු විවේකයේ බොහොමයක් කාන්තාවන් පුදුමාකාර රසවත් ආහාරවලින් තමන්ගෙ පවුලේ සාමාජිකයන් රස ගැන්වූවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ආහාර අතරේ මේ කොත්තු රෙසිපියත් තිබෙන්නට ඇති.

ඇතැම්විට ගෘහණියන් තම නිවෙසේ දී හදන කොත්තුව සඳහා භාවිත කරන්නෙ කඩෙන් මිලදී ගන්නා ගෝදම්බ රොටී. එහෙමත් නැතිනම් කල්තබාගත හැකි විදිහට සැකසූ අධිශීතකරණයේ තබන කොත්තු කැබලි සහර්‍ණඡ්ත පැකට්.

නමුත් ඔබේ අතින් හදන කොත්තුවට අවශ්‍ය කරන රොටී ටිකත් ඔබම හදාගත්තා නම් හොඳයි නේද? එහෙමනම් ඒ රොටී ටික මෙලෙස හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

තිරිඟු පිටි ග්‍රෑම් 500 ක්

බිත්තර 01 ක් (ඔබ නිර්මාංස නම් බිත්තර යොදා නොගත්තද ගැටලුවක් නැත)

ලුණු කුඩු තේ හැඳි 01 ක් (කපාපු)

අවශ්‍ය පමණට ජලය

සාදන්නේ මෙහෙමයි

පළමුව හළාගත් පිටිවලට බිත්තරය සහ ලුණු එකතු කරන්න.

දැන් මේ පිටි මිශ්‍රණයේ මැද වළක් මෙන් සකසා ජලය ටික ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනන්න.

ඉන්පසුව හොඳින් අත් ගසා පොල්තෙල් ස්වල්පයක් තවරාගත් මතුපිටක පැය හතරක් පමණ වසා තබන්න.

අනතුරුව මෙම පිටි මෝලිය කොටස් 12 කට පමණ කඩා අතට තෙල් ස්වල්පයක් ගෙන රවුම්කර නැවතත් පැය 1/2 ක් පමණ වසා තබන්න.

පැය 1/2 කින් පසුව තෙල් තවරාගත් මතුපිටක මෙම පිටි බෝලයක් තබා ඉතා හොඳින් තුනී කරන්න. පරෙස්සමට අතින් අදිනවිට ඉතා තුනීවට ඇද ගත හැකියි.

ඉන්පසුව රොටී තැටියක තෙල් ස්වල්පයක් තවරා මඳගින්නේ පුළුස්සා ගන්න.

රොටී නිවුණු පසු කුඩාවට කැබලි කපාගන්න. මෙම ප්‍රමාණය හතර දෙනකුගෙන් යුතු පවුලකට සෑහේ.

 

2020/07/29 තරුණි බලන්න