නෙහාරාගෙන් බිත්තර සැන්ඩ්විච් එකක්

අගෝස්තු 19, 2020

පුංචි තිරයේ, පුංචි කිරිල්ලී ඇයයි. එහෙමත් නැත්නම්, කවුරුත් දන්නා ‘මුතු කිරිල්ලී’ ඇයයි. මාගලක් වගේ දිග වාසගමක් ඇති, නිතරම සිනහවෙන් මුව සරසාගෙන සිටින ඇය කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිහෂ්නි නෙහාරා කැනීෂියා පීරිස් රාජපක්ෂයි. රංගන ලෝකයේ අපි ඇයව හඳුන්වන්නේ නෙහාරා පීරිස් යන කෙටි නමින්.

‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේ රඟපාමින් 2007 වසරේ රංගන චාරිකාවට පය ගැසූ ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ 2008 වසරේ විකාශය වූ ‘මුතු කිරිල්ලී’ ටෙලි නාටකයෙන්ය. ‘It is a matter of Love’  ‘පුතණ්ඩියා’ ඇය රැඟූ චිත්‍රපටයි. පැති කිහිපයකින් ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නීය. රංගන ශිල්පිනියක්, ‘සිරස ඩාන්සිං ස්ටාර්’ හරහා නර්තන ශිල්පිනියක්, ‘සිරස’ මැජික්  BOX  ‘ගේම් ෂෝ’ එක හරහා නිවේදිකාවක්, ‘සිරස’ ‘Super mom’ වැනි වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් සහ අවසානයේ ‘සිරස’ රූපවාහිනි නාළිකාවේ පළමු වතාවට කොරියන් ටෙලි නාට්‍යයක හඬ කැවීම් ශිල්පිනියක් ලෙසින් කලා ලෝකයේ සැරිසරන්නට ඇය වරම් ලැබුවාය. අද අපි නෙහාරාව සම්බන්ධ කරගත්තේ ඇගේ අතින් හැදෙන කැම වර්ගයක ‘රෙසපි‘ එකක් ගැන කතා කරන්නයි.

ඉතින් නෙහාරා කොහොමද? කවදද අමෙරිකාවට ගිහින් ආවේ?

අපි දෙන්නා 2015 අමෙරිකාවට ගිහින් 2018 ලංකාවට ආවා.

අපි කිව්වේ?

මගේ ‘හස්බන්ඩ්’ මේනක රාජපක්ෂ.

හදිසියේ අමෙරිකාවට ගියේ?

හදිසියේ නෙවෙයි අපි ර්‍ථතචද කරගෙන හිටියේ. මේනකගේ උපාධිය කරන්න.

ලංකාවෙන් ඈත්වෙලා අවුරුදු තුනකට පස්සෙ මෙහේ ඇවිත් මොනවද කළේ?

‘හේලි‘ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ‘ඇස්ගාව‘ නමින් මම ගායනා කරන ගීතයක මියුසික් වීඩියෝවක් කළා.

2020/08/19 තරුණි බලන්න.