බටර් අයිසිං කලාව -01

මූලික දැනුම...
සැප්තැම්බර් 16, 2020

 

කේක් එකකට රසවත් බව වගේම මනා නිමාවත් හරිම වැදගත්. අද අපි බටර් අයිසිං කලාව හරහා කේක් එකකට මනා නිමාවක් ලබාදෙන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා අවශ්‍ය වන බටර් අයිසිං සාදා ගන්නේ කොහොමද කියලාත් පහදා දෙනවා.

විශේෂයෙන්ම බටර් අයිසිං නිවැරැදි ලෙස සාදා ගන්නා ආකාරයත් ඒ සඳහා වර්ණක යොදා ගන්නා ආකාරයත් නිවැරැදි ලෙස නොසල් භාවිත කරන ආකාරයත් පිළිබඳ මේ විශේෂාංගයෙන් දැනගත හැකියි.

උපන්දින කේක්. විවිධ උත්සව සඳහා භාවිත කරන කේක් වගේම වෙඩිං ස්ට්‍රක්චර් හැඩගැන්වීම සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ බටර් අයිසිං ය. මෙහිදී තමා කැමැති බටර් වර්ගයක් වෙළෙඳපොළෙන් ලබාගත් පසු නිවෙසේ දී ද එය ශීතකරණයේම තැබිය යුතුයි.

කේක් එක අයිසිං කිරීමට විනාඩි 5 කට පමණ පෙර එය ශීතකරණයෙන් පිටතට ගන්න. විනාඩි පහකට පමණ පසු බීට් කළ හැකියි.

එයට වර්ණය වෙනස් නොවූ අයිසිං සීනි එකතු කළ යුතු අතර වැනිලා ස්වල්පයක් ද එක්කර සාමාන්‍ය බටර් අයිසිං සාදාගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි ගමගේ

ඡායා - ශාන් රඹුක්වැල්ල

 

 

2020/09/16 තරුණි බලන්න