දිව නැටවෙන රසයට HOMEMADE PIZZA

සැප්තැම්බර් 16, 2020

හැමදාමත් බත්, මාළු, ව්‍යාංජන ආහාරයට ගන්න කවුරුත් කැමැති නැහැ. පොඩි පැටවුන් වාගේම තරුණ පිරිසත්, වැඩිහිටියනුත් වෙනස් රසයක ආහර වේලකට කොයිතරම් නම් කැමැති ද?

ඒ නිසාමදෝ බොහොමයක් ගෘහණියන් රාත්‍රී ආහාරයට බත් වෙනුවට වෙනත් යමක් පිළියෙල කරන්නට වෙහෙසෙනවා.

නමුත් රැකියාවක නියුතු කාන්තාවකට නම් මේ වාගේ වෙලාවක දී රසය, ගුණය ගැන එතරම් හිතන්නෙ නැතිව කඩයකින් මිලදී ගත් යමකින් සෑහීමකට පත්විමට සිදුවෙනවා.

ඒ නිසාම විවේකි සති අන්තයට නිදහසේ සකසන සුවිශේෂී ආහාර වේලක් තම නිවැසියන්ට පිරිනමන්නටත් ඇය මැළි වෙන්නෙ නැහැ. මෙහිදී ඉඳිආප්ප, නූඩ්ල්ස්, කොත්තු, පරාටා, රොටි, ආප්ප, පැස්තා වාගේ දේවල් විවිධ රසයට සකසන්නත් ඇය උනන්දුයි.

ඉතින් අද අපි ඔබට කියාදෙන්නේ මෙලෙස සුවිශේෂී සති අන්තයට නිවෙසේදිම පීසා සකසා ගන්නා ආකාරයයි. නිතර රස නොබලන, මිලදීගෙන පමණක් රසවිඳින විවිධ රසයේ පීසා දැන් ඔබටත් ගෙදරදීම මේ විදිහට හදලා රස බලන්න පුළුවනි.

මේ සති අන්තයේම පීසා හදලා පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද කියලා බලන්නකෝ.

ඉදිරිපත් කිරීම Bhagi’s Kitchen  හි සූපවේදිනී

භාගි තෙන්නකෝන්

 

නිවැරැදිව පීසා රොටිය හදමු

 

මෂ්රූම්, චිකන්, වෙජිටබල්, සොසේජස්, චීස් ආදී විවිධ වර්ගයේ පීසා ඔබ රස විඳ ඇතුවාට සැකයක් නැහැ. ඉතින් මේ පීසා විවිධ අමුද්‍රව්‍ය එකතු කරලා ඒ ඒ රසයන් අනුව සකසා ගත්තද පීසා රොටිය සකස් කරන්නෙ නම් එකම ආකාරයටයි.

විශේෂයෙන්ම ඉතාමත් මෘදුවට පීසා මෝලිය සකසා ගැනීම හරහා රසවත් පීසා රොටියක් තනා ගත හැකි අතර එයට චීස්, සොසේජස්, එළවළු, මස් ආදිය එකතුකර අපූරු පීසා එකක් බවට පත් කරගත හැකි වේවි.

එබැවින් අපි පළමුවෙන්ම නිවැරැදිව පිටි මෝලිය අනා පීසා රොටිය සකසා ගන්නා ආකාරය දැනගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

5 පාන් පිටි කෝප්ප 2 1/2 ක්

5 සීනි තේ හැඳි 02 ක්

5 යීස්ට් තේ හැඳි 1 1/2 ක්

5 මඳ උණුසුම් නැවුම් කිරි කෝප්පයක්

5 ලුණු තේ හැඳි 01 ක්

5 බටර් මේස හැඳි 02 ක්

5 කිරිපිටි මේස හැඳි 02 ක්

(මෙම ප්‍රමාණවලින් පීසා දෙකක් සාදාගත හැකියි)

දැන් අපි පිටි මෝලිය හදමු.

* පළමුවෙන්ම පිටි මෝලිය පිපීමට යොදා ගන්නා යීස්ට් හොඳ ක්‍රියාකාරිත්වයේ තිබේදැයි බලන්න. ඒ සඳහා මඳ උණුසුම් ජලය කෝප්ප කාලකට (1/4) යීස්ට් තේ හැඳි 1 1/2 ක් සහ සීනි තේ හැඳි 02 ක් දමා කලවම් කර වසා පැත්තකින් තබන්න. විනාඩි දහයකින් පමණ බලනවිට හොඳින් පෙණ දමා පිපිලා ඇත්නම් එය හොඳ ක්‍රියාකාරිත්වයේ තිබෙන බව පැවසීය හැකියි.

* දැන් පිරිසුදු බඳුනක් ගෙන එයට පාන් පිටි ටික දමන්න. අනතුරුව එයට ලුණු, කිරිපිටි සහ යීස්ට් මිශ්‍රණය දමා හොඳට කලවම් කරන්න.

 

*ඉන්පසුව නැවුම් කිරි හෝ මඳ උණුසුම් ජලය ටික ටික මිශ්‍ර කරමින් හොඳට අනාගන්න. මේ ජලය හෝ කිරි සියල්ල එකවර දමන්න එපා. පිටි මෝලිය ටිකක් අතේ ඇලෙනවා වාගේ නම් පදම නිවැරැදියි. මෙතැනදී රොටිය මෘදු නැහැ.

 

 

2020/09/16 තරුණි බලන්න