දූ පුතුන්ගේ උපන් දින හැඩකරන්න කදිම කේක්

ජනවාරි 6, 2021

වසරක් ගෙවී තවත් අලුත් වසරක් උදා වුණා. ගිය වසරේ දී ඉටුකරගැනීමට නොහැකි වූ බොහෝ දේ මේ වසරේ දී ඉටු කර ගන්නයි සෑම කෙනකුගේම බලාපොරොත්තුව. ඒ වගේම උදාවූ මේ වසර සැමට නීරෝගිමත් වසරක් වේවා යන්න හැම හදකම ඇති පැතුමයි. එම පැතුම් මල්ඵල ගන්වන්නට හැකි වේවායි අපි ද පතන්නෙමු.

ඉතින් උදාවූ මේ වසරේ දී උපන්දිනය සමරන්නට බලාපොරොත්තු වෙන පුංචි දුවකුගේ වගේම පුතකුගේ උපන්දිනයට හරිම අපුරු කේක් නිර්මාණ දෙකක් මෙවර අප ඔබ වෙත තිළිණ කරනවා. බලන්න, මේ කේක් නිර්මාණ ඔබේ දෝණිට වගේම වගේම පුතුගේ උපන්දිනයටත් හරිම අපූරුයි නේද කියලා.

 

 

පුතුගේ උපන්දිනයට

 

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකක රවුම් කේක් එකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ඩ් අයිසිං

කේක් එක සාදා ගැනීම සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

සීනී ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

කිරි තේ හැඳී 2 ක්

වැනිලා තේ හැඳී 1 ක්

බේකිං පවුඩර් තේ හැඳී 2 ක්

සාදන ක්‍රමය

(පිටි බේකිං පවුඩර් හොඳීන් හලාගන්න)

මුලින්ම බිත්තර සුදු මද වෙන් කරගෙන පෙන එනතුරු විනාඩි 2-3ක් බීට් කරන්න. එය පසෙකින් තබා ගන්න. දැන් බටර් , සීනි, හොඳීන් බීට් කරන්න. සීනි ඇට දිය වෙනවිට බිත්තර කහ මද එක බැගින් දමා හොඳින් බීට් කරන්න. කලින් බීට් කරන ලද බිත්තර සුදු මද එයට එක් කරමින් ලී හැන්දක් මඟින් හොඳීන් මිශ්‍ර කරගන්න.

වැනිලා සහ කිරි එකතු කරන්න. ඉන්පසු හලා ගත් පිටි ටික ටික එක්කරමින් මිශ්‍ර කරගන්න. කලින් සකස් කරගත් තැටියට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක180ට සකසා රත්කරගත් අවන් එකකට දමා විනාඩි 30 ක් 40 ක්අතර කාලයක් බේක් කරන්න. පසුව කේක් එක නිවෙන්නට තබන්න.

බටර් අයිසිං සාදා ගැනීම සඳහා

බටර් ග්‍රෑම් 250ක්

අයිසිං සීනි ග්‍රෑම් 50ක්

බටර් සහ අයිසිං සීනි හොඳීන් බීට්කරගන්න. ක්‍රීම් ගතිය ආපසු නතර කරන්න.කේක් එක නිවුණු පසු එය සැන්ඩ්විච් කරගැනීමට බටර් අයිසිං යොදාගන්න. එමෙන්ම කේක් එක වටේ බටර් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු ෆොන්ඩන්ට් අයිසිං මඟින් කේක් එක උඩ ආවරණය කරගන්න. එසේම ෆොන්ඩන්ඩ් අයිසිං භාවිත කරමින් මෙහි ඇති ටොපර් වර්ග අතින් සාදා කේක් එක හැඩ කර ගැනීමට පුළුවනි.

 

 

පස්වැනි උපන්දිනය සමරන දෝණිට

 

අවශ්‍ය ද්‍රව්‍ය

ග්‍රෑම් 500 බැගින් තැටි හතරක බේක් කරගත්‍ රිබන් කේක් කිලෝ දෙකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ඩ් අයිසිං

රෝස පැහැති රිබන් කොටසක් (ස්ටාර්)

කේක් ටොපර් එකක්

 

සාදන ක්‍රමය

 

පළමුව බේක් කරගත් කේක් හතර ගෙන එකක් මත එකක් සිටින සේ උඩට තබමින් බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර්කර නැවතත් ෆොන්ඩන්ඩ් අයිසිං මඟින් ආවරණය කරගන්න. දැන් කේක් එක මැද සිට පිටතට විහිදී යන ආකාරයට දැක්වෙන මෝස්තරය දමා ගනිමු. ඒ සඳහා කේක් එකෙහි මැද රවුමක් ඉතිරිවෙන සේ තබා වටේට වර්ණ ගළපමින් ෆොන්ඩන්ඩ් ඩොට් තබාගන්න. ඉන්පසු ඵනචබභතච එකකින් එම ඩොට් විහිදීයන ආකාරයට ඇඳගන්න.

ඒ ආකාරයට කේක් එකෙහි යට කොටසට ද මෝස්තරය දමාගන්න. එසේම කේක් එකෙකි උඩ වටේටත් දමා ගන්න.

දැන් කේක් එකෙහි උඩින් කුඩා අයිසිං මල් කීපයක් ස්ටාර් නොසලයෙන් දමන්න.

කේක් එකෙහි යටින් වටේට ද එම මල්ම පේළියක් දමන්න. ඉන්පසු ෆොන්ඩන්ඩ් අයිසිංවලින් සාදාගත් රෝස මල් දෙක බැගින් කේක් එකෙහි උඩට සහ පහළින් තබා හැඩ කරගන්න.

කේක් එකෙහි උඩට කේක් ටොපර් එකක් තබා එය රෝස පාට රිබන් කොටසකින් හැඩ කරගන්න. බලන්න, මේ කේක් නිර්මාණය සරලව පහසුවෙන්ම කර ගත හැකි වගේම අලංකාරයකුත් දිස්වෙනවා නේද කියා.

 

උපදෙස්- කේක් නිර්මාණ ශිල්පිනී

විනෝද්‍යා සමාධිනී ගමගේ