පුතුගෙ උපන් දිනය වෙනුවෙන් හැඩවුණු කේක් නිර්මාණයක්

මාර්තු 3, 2021

 

සෙල්ලම්බඩු අතරින් පුතාලගේ වැඩි කැමැත්ත වාහනවලටයි. ඔවුන්ගේ සෙල්ලම්බඩු අතර වැඩි ඉඩකඩක් වෙන්වෙලා තියෙන්නෙත් වාහනවලටයි.

ඒ නිසා පුතුගේ උපන් දිනය වෙනුවෙන් හදන කේක් එකට වාහනයක් එකතු කරගන්න පුළුවන් නම් ඔහු ගොඩක් සතුටු වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

රවුම් හැඩැති රිබන්

කේක් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

බටර් අයිසිං

සාදන ක්‍රමය

පළමුව රවුම් හැඩයට සාදාගත් රවුම් කේක් එකක් ගෙන එය ලේයර් දෙකකට කපා ගන්න. ඉන්පසු එක් ලේයර් එකක් මත බටර් අයිසිං තවරා ඒ මත අනෙක් ලේයර් එක තබන්න. පසුව සම්පූර්ණ කේක් එක මත බටර් අයිසිං තවරා නැවත ළා නිල් පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න.

ඉන්පසු කේක් එක බේස්බෝඩ් එක මත තබා ගන්න. දැන් දුඹුරු පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් තීරුවක් කපා පාරක් ආකාරයට කේක් එක මත අලවන්න. එහි මැදට සුදු ෆොන්ඩන්ට් තීරු කීපයක් අලවන්න. කේක් එක යට වටේට ද දුඹුරු පැහැති ෆොන්ඩන්ට් තීරුවක් අලවන්න. කේක් එක උඩට සිග්නල් කණුවක් ආකාරයේ කොටසක් සාදා ටූත්පික් එකක් ආධාරයෙන් කේක් එක මත සවිකරන්න. කේක් එක යට වටේටද සුදු ෆොන්ඩන්ට් බෝල සාදා තබන්න. එහි වටේට ෆොන්ඩන්ට් අයිසිංවලින් පතොක් ගස් ආකාරයට සාදා ජෙලටින් ස්වල්පයක් ආධාරයෙන් අලවන්න. ඉන්පසු ෆොන්ඩන්ට් අයිසිං මඟින් කාර් එකක් සාදා එය දුඹුරු පැහැති කොටස මතින් තබාගන්න.

පසුව වර්ණ කීපයක ෆොන්ඩන්ට් අයිසිංවලින් කටර් ආධාරයෙන් තරු හැඩ කීපයක් කපා බාබක්‍යු ස්ටික් ආධාරයෙන් කේක් එක මත සවිකරන්න.

 

 

 

උපදෙස් - කේක් නිර්මාණ ශිල්පිනී

විනෝද්‍යා සමාධිනී ගමගේ