රුව වඩන ලෙඩ නසන තක්කාලි

දෙසැම්බර් 19, 2018

නිරෝගීකම ජීවිතයේ උතුම්ම සැපතකි. එහෙයින් සමබර ආහාර වේලක අවශ්‍යතාව අප සියලු දෙනාම මැනැවින් හඳුනාගත යුතුයි. ආහාර පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් බොහෝ දෙනා කෙටි කලකින්ම රෝගීන් බවට පත්වෙති.

තක්කාලි සිරුරට ගුණදෙන එළවළුවක් හා පලතුරක් වේ. එහෙත් තක්කාලි ළිප තබා එළවළුවක් ලෙස පිස ගැනීමට යාමේදී ඇසිඩ් ගතිය අඩුවේ. නමුත් පිසීමේ දී තක්කාලිවල පවතින බහුල විටමින් වර්ග විනාශ වනු ඇත. ඒ අතර විටමින් ඛ් ප්‍රධාන තැනක් ගනී.

මෙය අමුවෙන් සලාද ලෙස ගන්නා විටදී විදුරුමසින් ලේ ගලන අයට, කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සුදුසුයි. දත් ශක්තිමත් කිරිම, ලේ වැඩීම තක්කාලි ආහාරයට ගැනීම නිසා සිදුවන අතර අස්ථි වර්ධනය හා ශක්තිමත් කිරීම ද මුඛ රෝග නැති කිරීම ද සිදු කරයි.

ඖෂධීය වටිනාකම

තක්කාලි ප්‍රතිඔක්සිකාරයක් ලෙස කටයුතු කරයි. පිළිකා මර්දන නාශක ගුණය ඇත්තේ මේ ප්‍රතිඔක්සිකාරක ගුණය පවතින බැවිනි. ආහාර මාර්ග පද්ධතියේ ඇති පිළිකා, පුරස්ථ ග්‍රන්ථිවල ඇතිවන පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂගත පිළිකා සහ අග්න්‍යාශයේ පිළිකාවලට තක්කාලිවලින් ගුණ දේ. ඒ වගේම ඇස් පෙනීම වැඩිදියුණු කිරීම ද සිදුවේ. මුඛයේ, නාසයෙ,් ශ්ලේෂ්මලවල ස්‍රාව වැඩි කරයි. සම පැහැපත් කරයි. තුවාල සුවකිරීමේ බලය ඇත. විදුරුමස්වලින් ලේ ගැලීම නවත්වන්නට තක්කාලි සමත් වෙයි. විස බීජ නාශක ගුණය ද ඇත.

අඩංගු පෝෂණය

තක්කාලිවල විටමින් ඒ හා ඛ් බහුලව ඇති බව පර්යේෂණවලින් හෙලි වී ඇත. ඒ වගේම කැල්සියම්, පොටෑසියම් බහුලව ඇත. මෙහි කැලරි පදාර්ථ අඩුවෙන් ඇත. තන්තු සුලබව ඇති අතර ඛනිජ ලවණ වැඩියි.

හදවත් රෝගීන්ට

හෘද ස්පන්දන වේගය පාලනය කිරීම තක්කාලි මඟින් ඉටුකරන බව සොයාගෙන ඇත. එසේම රුධිර පීඩනය පාලනය කිරීම ද සිදුවේ. ලේ පිරිසුදු කරයි. මේ අනුව හෘද රෝග සෑදීමේ අවදානම අඩු කරයි. අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි. කොලෙස්ටරෝල් ඇති අයට ද ගුණදායක වේ.

විවිධ ගුණ

ව්‍යංජනයක් රසවත් කරන්නට දමන කුළුබඩුවලට අමතරව තක්කාලි එකතු කිරීම නිසා එහි රසවත් හා වර්ණවත් භාවය ද ලැබේ. රත් නොකර ගන්නා සලාදවලදී අමු තක්කාලිවල පවතින විටමන් වර්ග සියල්ලම බලපෑමකින් තොරව සිරුරට නිසි පෝෂණය ලබා දේ.

කොහිල, පොලොස්, මස් වර්ග හා කරවල වැනි ව්‍යාංජනවලට තක්කාලි එකතු කිරීම නිසා රසයෙන් පිරි ගුණවත් ආහාරයක් අපට ලබාගත හැකියි. විටමින් ඛ් විනාශ වුණත් ඇසිඩ් ගතිය අඩුවෙන් තිබීම විශේෂත්වයකි. තක්කාලි පිස ගැනීමේදී විටමින් ඛ් විනාශ වන නිසා ඉන් ලැබෙන ගුණය සිරුරට ලැබෙන්නේ නැත. නමුත් එහි පවතින ඇසිඩ් අඩුවන නිසා අසාත්මිකතා ඇතිවන්නට තිබෙන බලපෑම් ද අවම වේ. මේ හේතුව නිසා පෝෂණීය තත්ත්ව දෙයාකාරයකට බලපාන බව පැහැදිලි වේ. අමුවෙන් ගැනීමේ දී ලැබෙන විටමින් ඛ් නිසා විදුරුමසින් ලේ ගලන අයට සුදුසුය.

තක්කාලි අගුණ රෝගීන්

පලුමතුවීම, කැසීම, වමනය, පාචනය වැනි රෝග තත්ත්ව ඇති අයට තක්කාලි සුදුසු නැත.

උපදෙස්

මංගලා මහලේකම්

ආයුර්වේද ශික්ෂණ රෝහල

බොරැල්ල

ජයන්ති කුරේ