නිරෝගී දෙතොලක් ලැබීමට නම්...

ජනවාරි 16, 2019

දෙයකි දෙතොල්. මන බඳනා දෙතොලක් හිමි වීම කාන්තා රුවකට දායාදයක් වැනි ය.

රෝස පෙතිවන් දෙතොලක් බොහෝ කාන්තාවන්ගේ පැතුමයි. කොතරම් පැහැපත් සමක් උරුම වී තිබුණත් ඇතැම් තරුණියන්ගේ දෙතොල් අවපැහැයෙන් යුතුයි. මෙය හිතට තරමක අසහනය දනවන්නක්. මේ සඳහා අද බොහෝ දෙනා තොල් ආලේපන ගැල්වීමට පුරුදු වී ඇත.

මෙවැනි තරුණියන් පමණක් නොවේ, ඇතැම් තරුණයන් පවා දෙතොල පැහැපත් කරගැනීමට නොයෙකුත් පිළියම් කරයි. ඔබේ දෙතොලේ වියළි බව ඇතිකර, ලස්සන නැති කරන හේතු ගණනාවක් තිබිය හැකිය. පළමුවෙන් ම අපි ඒවා හඳුනාගෙන එම දෙතොලට හානි ගෙනදෙන හේතු නවතා ගත යුතුය. දෙතොල් පැහැපත් කරගැනීමට සිදු කරන පිළියම් කළ යුත්තේ ඉන් පසුවයි.

සුන්දර දෙතොලක් අහිමි වීමට ඔබට හේතු විය හැකි කාරණා පහත දැක්වෙන ඒවායින් මොනවාදැයි විමසා බලන්න.

* කෘත්‍රිම, බාල, ප්‍රමිතියකින් තොර තොල් ආලේපන ආදිය භාවිත කිරීම

* විටමින් හා වෙනත් පෝෂක කොටස් සිරුරට නොලැබීම

* ආමාශයේ අධික ඌෂ්ණය

* වෙනත් රෝගාබාධ සඳහා ගන්නා සමහර ඖෂධවල ආසත්මිකතා හේතුවෙන්

2019/01/16 තරුණි බලන්න